leader s

පාස්කු ඉරුදින (අප්‍රේල් 21) එල්ල කෙරුණ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ශයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට (රහස් පොලිසියට) තම උපරිම සහය ලබාදෙන බව හිටපු අමාත්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රී අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් පවසයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සිටින ප්‍රදේශ වල සංචාරයක නිරතව සිටියදී මාධ්‍යවේදීන් හමුවේ ඔහු එබව කියා සිටියේ, හිටපු අමැතිවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කර තිබු ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීය.

ඔහු එහිදී තවදුරටත් මෙසේද පැවසිය.

''CID එක ඉදිරියේදී මගෙන් කට උත්තර ගන්න යන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමා කියල තියෙන කියලා මාධ්‍ය හරහා මට දැනගන්නට ලැබුනා. ඒ සඳහා මම මගේ උපරිම සහය ලබාදෙනවා...

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් ජනාධිපති කොමිසමක් පත්කර හෝ පරීක්ෂණයක් තියන්න කියලා මම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙන් මිට ඉස්සෙල්ලා ඉල්ලීමක් කළා. 

එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය මාහට කිසිම පදනමක් නැතිව චෝදනා එල්ල කරනවා. මම ඒවාට පිළිතුරු දුන්නත් ඒවා පළකරන්නේ නැහැ. එවැනි අවස්ථාවක එම චෝදනා වලට පිළිතුරු දෙන්න මට දැන් හොඳ අවස්ථාවක් ලැබිලා තියනවා. ''

හේමසිරිට හා පුජිතට එරෙහි නඩුව :

පාස්කු ඉරුදින (අප්‍රේල් 21) එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සිය රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර එරෙහි චෝදනා සම්බන්ධයෙන් වන නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ පෙරේදා (23) දිනයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, එම නඩුවට අදාලව  හිටපු අමැතිවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කර තිබිණ.

සබැඳි පුවත් :

CIDය රිෂාඩ් ගෙන් ප්‍රශ්න කිරීම :ජනාධිපතිට ලියපු ලිපියට ප්‍රතිචාරයක් ද ?

රහස් පොලිසිය හකීම් සහ රිෂාඩ්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

විල්පත්තු හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර චෝදනා ගැන විමර්ශනයක් කරන්න -බදියුදීන්, ජනපතිට කියයි

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්