leader s

ප්‍රංශයේ රිමාන්ඩ් භාරයේ පසුවන රත්මලාන කුඩු අංජු නැමැත්තා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තරමක නීතිමය බාධාවක් පවතින බවත්,

එය නිරාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ඉල්ලා  ඇති බවත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු මෙන්ම පාතාල නායකයකු වශයෙන් රතු නිවේදන නිකුත් කර ඇති රත්මලාන කුඩු අංජු නමැති සැකකරු මේවනවිට ප්‍රංශයේ සරණාගතයකු ලෙස රැකවරණ ලබාගෙන සිටීම වහාම ඔහුව මෙරටට ගෙන ඒමට ප්‍රධාන බාධාව වී ඇතැයි එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම පුද්ගලයා ප්‍රංශයේ ජීවත්වෙමින් ව්‍යාපාර පවත්වාගෙන ගියේ කෙසේ දැයි යන්න සොයාගැනීමට ප්‍රංශ පොලිසිය මේවනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරටින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මුදල් විශුද්ධිකරණය යටතේ මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද එරටින් ලැබෙන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

රත්මලානේ කුඩු අංජු නැමැත්තා ප්‍රංශ අධිකරණයක් හමුවට පහුගිය 4වෙනිදා ඉදිරිපත් කිරීමෙන් පසු නැවතත් ඔහු රිමාන්ඩ් බාරයට පත්කර මුදල් විශුද්ධිකරණය යටතේ ඔහු දේපල උපයාගත් ආකාරය ගැන විමර්ශන ප්‍රංශ පොලිසිය ආරම්භ කර තිබේ.

මුදල් විශුද්ධිකරණය ප්‍රංශ නීතිය අනුව අතිශය බරපතළ වරදක් බව බව ද සැලකේ.


කුඩු අංජුගේ ප්‍රංශ පෙම්වති


image 762dd1438c

කුඩු අංජු ප්‍රංශයේ සුපිරි අවන්හලක් මිලදී ගෙන එය සිය ප්‍රංශ ජාතික පෙම්වතියගේ නමින් පවත්වාගෙන යන බවත්, ''නමස්තේ'' නමින් හැඳින්වෙන මෙම අවන්හලේ නිතර සාද පැවැත්වෙන බවත් 'ලංකාදීප' වාර්තාකර ඇත.

මීට අමතරව ප්‍රංශයේ බෝදෝ ප්‍රදේශයේ වයින් කම්හලක් ද මොහු වෙනත් අයකුගේ නමින් පවත්වාගෙන යනු ලබන බව කියති.

ප්‍රංශයට පළා ගොස් සැඟව සිටින මත්ද්‍රව ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරිකයන් බවට සැලකෙන ගල්කිස්සේ ජූඩ් ප්‍රියන්ත සහ බටුවත්තේ චාමර නැමැත්තෙකු මෙම ව්‍යාපාර කටයුතු සඳහා රත්මලානේ කුඩු අංජු නැමැත්තා විසින් හවුල් කරගෙන සිටින බව පැවසේ.

රත්මලානේ කුඩු අංජු නැමැත්තාට ඩුබායිහි වතුර බෝතල් කිරීමේ කර්මාන්ත ශාලාවක් ද ශරීර සුවතා මධ්‍යස්ථානයක්, සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක් ද තිබෙන බවට තොරතුරු හෙළි වී ඇත.

(උපුටා ගැනීම් -lankadeepa.lk)




JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්