කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවියක වන ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා යන දැරිය පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්දයෙන් සොයමින් සිටී

ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය සමත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ඉසුරු උයනේ පදිංචි 29 හැව්රිදි පුද්ගලයකු බව සදහන්වේ. ඔහු ගාල්ල, පානදුර සහ කළුතර ප්‍රදේශවල පදිංචිව සිටි ධනුෂ්ක ගයාන් සහබන්දු  නමැති අයකු බවත් අදාළ සැකකරු දැනට කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන සිටින අයෙකු බවත් පොලීසිය පවසයි.

මියගිය සිසුවිය සමග අවසාන මොහොත දක්වාම සිට පළාගොස් සිටි ප්‍රධාන සැකකරු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන ක්‍රියාත්මක කල අතර සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැගව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පිරිසක් ගාල්ල ප්‍රදේශයේ දී අද අළුයම වැටලීම කර ඇතැයි පැවසේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද සදහන් වේ.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ ගේ උපදෙස් පරිදි කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා ගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර ඇත.

 image ff31bb9888

''පාපතරයකු මගේ දුව නැති කළා''


''මගේ දුව කිසිදු පාපතරයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා නෑ. ඒ මම වගකීමෙන් කියන්නේ. මගේ දරුවාට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ යැයි කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි සිහාරා නිර්මානී දැරියගේ මව වන ඩබ්ලිව්.ඒ.නෙලූකා පැවැසුවාය.

කළුතර ලැගුම් හලක තෙවන මහලෙන් ඇදවැටි මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ඇය එක්කර ගෙන ගිය තරුණිය ඇතුළු තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටියි.

මෙසේ මියගොස් ඇත්තේ නාගොඩ පදිංචි සිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා නමැති සිසුවියකි. ඇය කළුතර බාලිකාවේ 11 වසරේ ඉගෙනුම ලැබුවාය.

සිහාරාගේ මව වන නෙලුකා මෙසේද පැවැසුවාය.

'' මගේ දරුවා ඉගෙන ගන්නත් හරිම දක්ෂයි. හැම විෂයකටම ඉහළ ලකුණු ගන්නවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නවයක් ගන්න බලාපොරොන්තුවෙන් ඇය සිටියා.

මගේ දුව ප්‍රේම සම්බන්දතාවයක් පවත්වන බවට පොඩ්ඩක්වත් දැන ගන්න ලැබුණේ නැහැ. ඒ දරුවා එහෙම කෙනෙක් කියලා මා හිතන්නේ නෑ. කිසිදා නොදුටූ පාපතරයකු මගේ දරුවා බිලිගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා හේතුවෙන් තමන් සහ පවුලේ සාමාජිකයන් මහත් අපහසු තාවයකට පත්වුණා.

මගේ දුව සිද්ධිය වූ දින පස්වරුවේ නිවස අසල දන්සලක රැදී සිටියේ. ඇය ඇඳගෙන හිටියේ නිවසට අදින ගවුම පිටින්ම ඔය කියන දැරිය මගේ දරුවාව එක්කරගෙන ගියේ දන්සලක් කන්න කියල. මම කැමති වුණො නෑ. ඒ වෙලාවේ ඒ දැරිවි කිවා අදට විතරක් එක්කරගෙන යන්නම් අයේ කවදාවත් මම එන්නේ නෑ කියලා.

බෝයි ෆ්‍රෙන්ඩ් මුණගැහෙන්න යද්දී දන්සලකට යනවා කියලා තනියට මගේ දරුව එක්ක ගිහින් මගේ දරුවව පාපතරයකුට බිලිදීලා.

මගේ දරුවගේ වයස අවුරුදු 16 යි. ඇයට අවුරුදු 29 ක පුද්ගලයකු සමග ලැගුම් හලට යන්න උවමනාවක් නෑ. මත්පැන් පානය කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළත් මගේ දුව මත්පැන් පානය කරන දැරියක් නොවේ ඒ බව මම වගකීමෙන් කියනවා.

මගේ දුවගේ වයස අවුරුදු 16 නිසා ඇයට ලැගුම් හලකට ඇතුළු වෙන්න බැහැ. ඒ නිසා ප්‍රදේශයේ වෙනත් ගැහැනු ළමයකුගේ හැදුනුම්පතක් ඉල්ලගෙන මගේ දුවව ලැගුම් හල තුලට රැගෙන ගිහින් මේ අපරාධය කරලා.

දැන් අපිට නැතිවෙන්න දෙයක් නෑ. අපිට ලොකු අසාධාරණයක් වුණා. ඒකට සාධාරණයක් ඉටුකරන්න කියා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. මගේ දුවට වූ අපරාධය මේ රටේ තවත් දැරියකට වෙන්න ඉඩ තියන්න එපා යැයි ඇය අවසන් වශයෙන් ඉල්ලා සිටියාය.


(lankadeepa.lk)
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්