හමුදාව වාඩිලා සිටින මහවිරු සුසාන භූමියක් නිදහස් කරන තුරු මාරාන්තික උපවාසයක් දියත් කිරීමේ සූදානම කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් තිදෙනකුගේ දෙමාපියන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.


 පාලොස් වසරකට පෙර නිමාව දුටු, දශක තුනක පුරා ඇදී ගිය කුරිරු සිවිල් යුද්ධයේදී ජීවිත අහිමි වූවන්ට උපහාර දැක්වීමට හැකිවන පරිදි මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි අලම්පිල් මහවිරු සුසාන භූමිය පිහිටි ඉඩම නැවත ජනතාවට ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

 2023 මැයි 18 වැනි දිනට යුද්ධය නිමා වී වසර 14 ක් සපිරෙන මොහොතේ උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව යුද්ධයේදී මිය ගිය තම ඥාතීන් සිහිපත් කරමින් මහවිරු දිනය සැමරීමට සුදානම් වෙමින් සිටිති.

 එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවති දෙමළ ජනතාවගේ භූමි ප්‍රදේශ හමුදාව විසින් අත්පත් කර ගැනීමත් සමඟ, උතුරු  සහ නැඟෙනහිර ප්‍රදේශවල මියගිය දෙමළ සටන්කාමීන්ගේ සොහොන් 20,400 ක් පමණ තිබූ සුසාන භූමි 25 කට ආසන්න ප්‍රමාණයක් යුද හමුදාව විසින් ඩෝසර් කරන ලද අතර, සමරු පලක කඩා බිඳ දමන ලදී.

තම ඉල්ලීමට විසඳුමක් ලබාදීමට දේශපාලන නායකත්වය සහ නිලධාරීන් අපොහොසත් වන්නේ නම්, තමන් සැලසුම් කළ පරිදි  උපවාසය ඉදිරියට ගෙන යන බවයි  දෙමාපියන් පවසන්නේ.

 ශ්‍රී ලංකා යුද  හමුදාවේ 23 වැනි සිංහ රෙජිමේන්තුව විසින්, ඔවුන්ගේ කඳවුරට ආසන්නව පිහිටා ඇති අලම්පිල් මහවිරු සුසාන භූමිය අපවිත්‍ර කර ඇති බවට මාධ්‍ය හමුවක් පවත්වමින් මුතියන්කට්ටුවේ ජීවත් වන පියකු චෝදනා කළේය.

 “අපේ දරුවන් මිහිදන් කරල තියෙන තැන, හමුදාව වගා කරනවා, ක්‍රිකට් ගහනවා, අවන්හලක් පවත්වාගෙන යනවා. සාමකාමීව අපිට අපේ දරුවන්ට උපහාර දක්වන්න පුලුවන් වෙන විදියට ඔවුන් සොහොන් බිමෙන් වහාම ඉවත් වෙන්න ඕනෙ” මුරුගයියා රාසයියා පියා මාධ්‍ය හමුවේදී සදහන් කළේය.

 ශ්‍රී ලංකා හමුදාව විසින් විවිධ වාණිජ හා විනෝදාස්වාද කටයුතු සඳහා සිය දරුවන්ගේ සුසාන භූමිය යොදා ගැනීම පිළිබඳව, උපවාසයේ යෙදීමට සුදානම් වන හිටපු දෙමළ කොටි සාමාජිකයකුගේ පියෙක් සහ තවත් සාමාජිකයන් දෙදෙනකුගේ මව්වරු  සිය වේදනාව ප්‍රකාශ  කළහ.

 “අපේ නෑයන්ට උපහාර දක්වන්න, ඔවුන්ගේ ආත්මයට ශාන්තිය ප්‍රාර්ථනා කරල පහනක් පත්තුකරගන්න බැරුව අපි දැඩි මානසික පීඩනයකින් ජීවත් වෙන්නේ,” යි මඩකලපුවෙහි පදිංචි දයාලනී මාතාව පැවසුවාය.

 මිහිදන් කර ඇති සිය දරුවන්ට ගෞරවයෙන් උපහාර දැක්වීම ඔවුන්ගේ දෙමාපියන්ට හැකි වන පරිදි, අලම්පිල්  මහවිරු සුසානභූමිය පිහිටි ඉඩම කඩිනමින් ආපසු ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දේශපාලඥයන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ඔවුහු ඉල්ලා සිටිති. එය අසාර්ථක වුවහොත් ඔවුන්ගේ මාරාන්තික උපවාසය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වනු ඇත.

 

මළවුන්ට ගෞරව දැක්වීම දෙමළ සංස්කෘතියේ කොටසක් වන අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මූලික අයිතිවාසිකමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
 

Meeting with Defence secretary 06
Meeting with Defence secretary 07
 ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් යුද වැදුණු ආරක්ෂක අංශ සාමාජිකයන් රණ විරුවන් ලෙස උත්කර්ෂයට නැගෙන යුද සමරුවක් සේනාධිනායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් යොදමින් සිටී. ඒ සම්බන්ධයෙන් පෙරේදා (8) පැවති මූලික සාකච්ඡාවකට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර යන ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

එල්.ටී.ටී.ඊ.යට එරෙහි සටනේදී මියගිය සිංහල හමුදා සාමාජිකයන්ට වාර්ෂික විජයග්‍රහණ දිනයක් සමරමින් රාජ්‍ය ගෞරව දක්වද්දී, තම ආදරණීයයන් සිහිපත් කර පහනක් දැල්වීමට කටයුතු කරන දෙමළ ජනතාවට තර්ජනය කර බිය ගැන්වීමට ශ්‍රී ලංකා රජය සහ හමුදාව කටයුතු කිරීම පිළිබඳව, උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව වෙතින් පලව ඇත්තේ වේදනාව මුසු කෝපය සහ කලකිරීමයි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්