'හතේ අපේ පොත' පාසල් දරුවන්ගෙන් ඉවත් කළ යුතුද? නැද්ද? යන්න මුල්කර ගනිමින් මේ දිනවල සමාජ සංවාදයක් සිදුවෙමින් පවතී.

එම සංවාදය ආරම්භ වුණේ, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලද ප්‍රකාශයක් සමඟය.

උන්වහන්සේ එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ 'හතේ අපේ පොත' ළමා මනස දූෂණය කරන්නක් වන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, පසුගිය රජය සමයේ සම්පාදනය කර ඇති 'හතේ අපේ පොත' කුඩා දරුවන්ට තබා වැඩිහිටියන්ට හෝ කියවිය නොහැකි තරමේ අසභ්‍ය වචන අඩංගු කෘතියක් වන බවත්, මෙය සාමාන්‍ය සිදුවීමක් නොව, රටේ දරු පරපුරට සංකර ගති පුරුදු කිරීම සඳහා ගෙන යන සංවිධානාත්මක වැඩ පිළිවෙලක් වන බවත් සඳහන් කළහ.

ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා බව පවසමින් ලබා දී ඇති 'හතේ අපේ පොත' කුඩා දරුවන්ගේ මල් වැනි සිත් දූෂණය කරන ග්‍රන්ථයක් ලෙස හැඳින්වූ අභයතිස්ස හිමියෝ එම පොත වහාම තහනම් කළ යුතු බවත් කියා සිටියහ.

එවැනි පොතක් සම්පාදනය කරනු ලැබීම සම්බන්ධයෙන් පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිවරයාට සහ අධ්‍යාපන ඇමතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ද අභයතිස්ස හිමියෝ යෝජනා කරති.

Hathe potha

අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිචාරය:

"පාසල් සහ පෙළපොත් බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත බෙදා හරිනු ලැබ ඇති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සෞඛ්‍ය සන්නිවේදන සහ ජීවන නිපුණතා ඒකකය සහ අධ්‍යාපන අමත්‍යංශය එකතුව සකස් කරන ලද "හතේ අපේ පොත" සිසුන් වෙත බෙදා හැරීම නොකළ යුතු බවට" අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා සියලුම විදුහල්පතිවරුන් සහ සියලුම මධ්‍යස්ථානාධිපතිවරුන් වෙත පසුගිය මාසයේ උපදෙස් දී තිබුණි.

'හතේ අපේ පොතේ' සියලු පිටපත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලොරිවලට ලබා දෙන ලෙසත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් ජයන්ත වික්‍රමනායක උපදෙස් දී ඇත.

මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ප්‍රකාශය සහ අධ්‍යාපන බලධාරීන් විසින් ගන්නා ලද එම ක්‍රියාමාර්ගයත් සමඟ 'හතේ අපේ පොත' සමාජ මාධ්‍ය ජාලයේ අලුත්ම සංවාදාත්මක මාතෘකාව බවට පත් විය.

Book 1

 

සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි විවේචනයක් !

"වයස අවුරුදු දොළහට වැඩි ළමුන් සඳහා වන ලිංගික අධ්‍යාපනයට අදාළ මෙම කියැවීමි. පොතට භික්ෂූන් වහන්සේ විරුද්ධ වන්නේ කුමක් නිසාදැයි මට තේරුම් ගන්න අමාරුයි," සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබන මාධ්‍යවේදීනී මෙත්මලී දිසානායක ප්‍රශ්න කරන්නීය.

Methmali Twite

 

ට්විටර්' පණිවුඩයක් මාර්ගයෙන් සිය අදහස පළ කරන ප්‍රවීණ මාධ්‍යවේදී, විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන මෙසේ පවසයි.

"සෞඛ්‍යය සහ අධ්‍යාපන විශේෂඥයන් කණ්ඩායමක් විසින් සම්පාදනය කරන ලද ලිංගික අධ්‍යාපනයට අදාළ පාසල් පොත බෞද්ධ භික්ෂූන්ගෙන් එල්ල වෙමින් ඇති බලපෑම යටතේ පාසල් පද්ධතියෙන් ඉවත් කර ගනු ලැබීමට පියවර ගනිමින් ඇත. මම එම පොත කියෙව්වෙමි. මෙවැනි නිරවුල් සැබෑ පැහැදිලි කිරීමක් මෙයින් අවුරුදු 35කට පෙර සිදුවී නම් යහපත් බව මගේ අදහසය."

Nalaka Gunawardhana tw

'හතේ අපේ පොත' සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් "යොවුන් වියේ දරුවන්ට තම ශරීරය පිළිබඳව අවබෝධයක් ලබාදීමේ වරද කුමක් දැයි" ප්‍රශ්න කළේය.

"යොවුන් දරුවන්ට ලිංගික දැනුමක් ලබාදෙන එවැනි කෘතියක් භික්ෂූන් කීප දෙනෙකුගේ විරෝධය එල්ල වූ පමණින් පාසල් පද්ධතියෙන් ඉවත් කර ගනු ලැබීම සිදු නොවිය යුත්තක්," බව ජෝශප් ස්ටාලින් පෙන්වා දෙයි.

 

එහෙත් සමාජ මාධ්‍ය ජාලයේ පළ කෙරුණ ප්‍රකාශයක් මගින් කියැවුණේ මෙවැන්නකි.

"UNP ය රට කෑවා. කලින් පාලකයෝ මේවා දැක්කේ නැද්ද? රටේ සිදුවෙන හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න එක ගැන අපට සතුටුයි. ඔබවහන්සේලාට බුදු සරණයි!"

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාරිනී ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ, "මම හිතන්නේ මේක අනවශ්‍ය වාදයක් කියලයි. මොකද? ළමුන්ට ලිංගික අධ්‍යාපනයක් දීම අවශ්‍ය දෙයක්. ළමුන්ට තමාගේ ශරීරය ගැන අවබෝධයක් ලැබුණොත් තමයි ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා මෙය අධ්‍යාපන ක්‍රමයක තිබිය යුතු අනිවාර්ය අංගයක්," යනුවෙනි.

Book 2 

වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය "ලිංගික අධ්‍යාපනයේ ඇති වැදගත්කම පිළිබඳව කිසිදු අවබෝධයකින් තොර භික්ෂූන් පිරිසක් මේ ප්‍රශ්නයට සහභාගි වීම කිසිසේත්ම තේරුම්ගත නොහැකි" බවත් සඳහන් කළාය.

 

ළමුන් වල් වේද?

Text 12 27ලිංගික අධ්‍යාපනයක් ලබා දීම අතින් ශ්‍රී ලංකාවේ පවතින වැඩ පිළිවෙළ ඉතා දුර්වල බව සඳහන් කළ ඇය, දැනට ප්‍රශ්නයක් වී ඇති පොත පසුගිය වසරේ පටන් ළමුන්ට ලබාදීම ආරම්භ කෙරුණත් එය පවා හරිහැටි සිදු නොවූ බව පෙන්වා දුන්නාය. 

මෙවැනි පොත් ළමුන් අතට පත් කිරීම ළමා මනස දූෂණය කිරීමට සහ රටේ සංස්කෘතියට පටහැණි බවට එල්ල කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් බීබීසිය ප්‍රශ්නයක් යොමු කළ විට ඊට පිළිතුරු දුන් ආචාර්ය හරිනි අමරසූරිය, මෙය ලිංගික අධ්‍යාපනය සහ සංස්කෘතිය අතර වෙනස වෙන්කර හඳුනා ගැනීමට නොහැකිවීම තුළින් මතු වෙන ප්‍රශ්නයක් බව පෙන්වා දුන්නාය.

'අපේ හතේ පොත' වැනි පොත් ළමුන්ගේ මනස දූෂණය වීමට හේතුවිය හැකි බවට එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කළ ආචාර්ය හරිනි අමරසූරිය "ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට හෝ ශ්‍රී ලංකා පොලිසියට කතා කළහොත්, ළමුන් යොදා ගනිමින් සිදුකරනු ලබන ලිංගික අපචාර පසුගිය අවුරුදු කීපය තුළ කොතරම් වැඩි වී ඇද්ද? යන්න තේරුම් ගැනීමට හැකි වනු" ඇතැයි සිහිපත් කළාය.

"බලහත්කාරයෙන් සිදු කරන ලිංගික අපචාර අපේ සමාජයේ තියෙනවා. එය ස්ත්‍රීන් පමණක් නොව බාල වයසේ පිරිමි දරුවන් පවා ගොදුරුකර ගන්නා අපරාධයක්. එවැනි අපචාරවලින් ආරක්ෂා වීමට නම්, දරුවන්ට ඒ ගැන අවබෝධයක් තිබිය යුතුයි. බාල වයසේ දැරියන් ගබ්සා කරන බවට එසේත් නැත්නම් ළමුන් ප්‍රසූත කරන බවට වාර්තා තියෙනවා. ළමා නිවාසයකට ගියොත් ඒ ගැන තේරෙනවා. ඒ වගේ අපරාධවලින් බේරෙන්න මෙවැනි දැනුමක් අවශ්‍යයි," ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

 

ශ්‍රී ලංකාවේ වැඩිහිටි පරම්පරාව අතරත් ලිංගික ප්‍රශ්න මෙන්ම ලිංගික කුහකභාවය පවතින බවත් සඳහන් කරන ආචාර්යවරිය, ඊට ප්‍රධාන හේතුව ලිංගික ප්‍රශ්න ගැන දැනුවත් භාවයක් නොවීම සහ එවැනි ප්‍රශ්න ගැන විවෘතව කතා නොකිරීම බවත් ඇය පෙන්වා දෙන්නීය.

එම අධ්‍යාපනය ලබාදීම සඟවා කළ හැකි දෙයක් නොවන බවත්, එය මනුෂ්‍ය ජීවිතයේ කොටසක් බව තේරුම් ගත යුතු බවත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළාය.

කවුද මේ පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙනවට විරුද්ධ පොහොට්ටුවේ හාමුදුරවෝ...

 

නුවන් ලියනගේට වෙච්චි දෙයක් !

'හතේ අපේ පොත' පාසල් දරුවන්ගෙන් ඉවත් කළ යුතුද? නැද්ද? යන්න මුල්කර ගනිමින් සිදුකෙරෙන සමාජ සංවාදයට එක්වෙමින් සිය FB පිටුවේ සටහනක් තබා ඇති 'නෙත් නිව්ස්' හි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ තමන්ගේ අත්දැකීමක් මෙසේ විස්තර කර තිබේ.

හතේ පොත ගැන කතා අoක 01

''මේ මම හිරු එකේ වැඩකරන සංදීයේ සිද්දියකි, මාත් මට මතක විදිහටට සහන් රන්වලත් කොළඹ ප්‍රකට බාලිකා පාසැලක නිවේදිකා තරඟයක් ජජ් කරන්න යෑමට සිදුවිය, තරඟය අවසානයේ ගුණ (අගුණ) කථනය මට පැවරනි. කතාව කර වෙදිකාවෙන් බැස යන මට එහි විදුහල් පතිනිය අතින් සන් කර අඩගැසූවාය , මා ලගට ගිය කල මගේ බාහුවෙන් අලාගත් ඇය ඔයා නේද අර ඉරිදා රෑට යන ' පුද්ගලිකයි රහසිගතයි ' වැඩසටහන කරන්නෙ, මගේ ඉහ කණ රත්විය වැඩසටහනේ යන දේවල් පිලිබදව විදුහල් පතිනිය ලුණු ඇබුල් ඇතුවම මට තව මොහොතකින් කියනු ඇත..මම කිසිත් නොකියා හිස වැනුවෙමි,

මම ඔයාව හම්බුවෙනක්ම් හිටියේ..මගේ කකුල් පන නැති වේගන එයි, දැන්නම් බඩු ශුවර්ය..මගේ මුහුනේ බයාදු හිනාවක් ඇදී යයි... ඔව් මැඩම්...මම ඔයා කතා කරනකොට කටහඩින් ගෙස්ට් කලා ..ඔයා පුතේ කරන්නේ මහා පුන්‍යකර්මයක් මේවා තමයි මාධ්‍ය වලින් කරන්න ඔනේ ඒ ඩොක්ටත් හොදටම පැහැදිලි කරනවා. මම අපේ ඉස්කොලේ ඔවා දැන ගන්න ඔනේ වයසේ ඉන්න ලමයින්ට කියලා තියෙන්නෙ ඔය වැඩසටහන අහන්න කියලා , අපි ස්කොලෙදි ඔවා කියලා දෙන්නත් නෑ අපේ ගුරුවරු කියලා දෙන්නෙත් නෑ අම්මලා තාත්තලා කොහොමත් ඔවා කියලා දෙන්නෙ නෑ මේ ලමයි යලුවන්ගෙන් තමයි මොනවා හරි දැන ගන්නේ එවා ගොඩක් බොරු, ..ඔයාට ගොඩක් ස්තුතියි ..ගුඩ් ප්‍රොගරම් කිපිට් අප්...

[ ප.ලි - මට ඉන්නෙ දුවලා දෙන්නකි උන් නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබිය යුතුමය උන් දෙදෙනා යන පාසැල වාසනාවකට හො අවාසනාවකට නිදහස් අධ්‍යාපනයට අයත් නැති නිසා මේ ගැන නිසි අධ්‍යාපනයක් ඒ පාසැලන් උන්ට ලැබේ ]

 

මෙම සංවාදයට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර සිය FB පිටුව ඔස්සේ මෙසේ විමසීමක් කර තිබේ.

''යොවුන් සිසුන්ට ලිංගික අධ්‍යාපනය දීම ගැන
මැදගොඩ උන්නාන්සෙට ඇති රුදාව මොකද්ද?''

 

'' sex education ගැන කතා කළා කියල බඩු මිළ අමතක නෑ හොදේ''

ඒ අතර ජනප්‍රිය කළා ශිල්පිනියක වන නදී වාසලමුදලි ආරච්චි සිය FB පිටුවේ මෙවැනි පොස්ටුවක් පළකර ඇත.

''මෙහෙමයි, sex education ගැන කතා කළා කියල
බඩු මිළ අමතක නෑ හොදේ.

මක්ක කරන්නත් කාල ඉන්නෙපැයි! ''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්