leader s

දෙමළ විමුක්ති කොටි සංවිධානය යළි නගා සිටුවීමට ඉන්දියාව මැදිහත් වන්නේ ද යන්න ගැන ලංකාණ්ඩුවෙන් විමර්ශනයක් ඇරැඹීම ගැන උතුරේ දේශපාලන පක්ෂයක් බිය පළකර තිබේ.


ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) යොදවා හිටපු LTTE සාමාජිකයන්ගෙන් මේ ගැන ප්‍රශ්න කර ඇතැයි ප්‍රජාතනත්‍රවාදී සටන්කාමීන්ගේ පක්‍ෂය පවසයි.

ආණ්ඩුව මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ යෝජිත ත්‍රස්ත විරෝධී පනත (ATA) සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විරෝධය පලවෙමින් තිබියදීය.

'' ඉන්දියාව විමුක්ති කොටින්ට පන දෙනවාද, ඉන්දියාව මුදල් දෙනවා ද, මෙහෙ මොනවාද ඒ ගොල්ලෝ කරන්න කියන්නේ, ලංකා ආණ්ඩුවට විරුද්ධව මුකුත් කරනවාද වගේ ප්‍රශ්න කිරීම්  කරනවා.'' යැයි ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ලේකම් අයි.කදීර් යාපනේ මාධ්‍ය හමුවේ සඳහන් කරයි.

ඔහු පවසන්නේ ත්‍රස්ත විමර්ශන නිලධාරින් කොළඹ සිට ඉකුත් දා තම යාපනේ නිවෙසට පැමිණ පැය හතරකුත් විනාඩි පනහක් ප්‍රශ්න කළ බවයි.

සිය පවුලේ සාමාජිකයන්ද තැති ගැන්වෙන අයුරින් දෙවැනි වරටත් ප්‍රශ්න කිරීම සිදු කළ ත්‍රස්ත විමර්ශන නිලධාරින් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්‍ෂය විසින් උතුරු නැගෙනහිර පළාත් වල ක්‍රියාත්මක වන අයුරුත්, ඊට ඉන්දියාවේ ඇති මැදිහත් වීමත් විමසා ඇත.

''ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඉන්දියාව ගොඩක් උදව් කරලා තියෙද්දිත් ලංකා ආණ්ඩුව උඩින් ඉන්දියාවත් එක්ක හොඳ හිත පෙන්වනවා. ඒත් යටින් ඉන්නේ ඉන්දීය විරෝධී ස්ථාවරයකයි.''


 ඉන්දීය හිතවාදී ආකල්පයක් දරන ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්‍ෂය ඉකුත් වසරේ දිල්ලියේ පැවති සමුළුවකට සහභාගී විය. එහිදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම, පළාත් සභාවලට අයත් සියලු බලතල ලබා ගැනීම, දහ තුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම ආදිය ගැන මෙහිදී සාකච්ජාවට ලක්වී ඇත.

''මේ සමුළුව ගැනත් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා. මේ කාරනා ගැන මම ඉන්දීය නිලධාරින් එක්ක සාකච්ජා කරපු එක ප්‍රසිද්ධ කාරණයක්.''

සටන්කාමීන්ගේ පක්‍ෂය පසුගිය වසර අටක කාලයක සිට අනෙකුත් දෙමළ දේශපාලන පක්‍ෂ සමග එක්ව උතුරු නැගෙනහිර පළාත් වල දේශපාලනයේ නිරත වේ.

'' සමහර දෙමළ දේශපාලන පක්‍ෂ ආණ්ඩුවත් එක්ක එකතුවෙලා අපිට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. කොහොම නමුත් අපි මේ ගැන වාර්තාවක් හදලා ඉන්දියාව ඇතුළු මහ කොමසාරිස් කාර්යාල හා අනෙකුත් තානාපති කාර්යාල වලටත්, මානව හිමිකම් කොමිසමටත් ලබා දෙනවා.'' යැයි පක්‍ෂ ලේකම්වරයා පවසයි.

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්