leader s

රාජ්‍ය අනුග්‍රහයෙන් උතුරු නැගෙනහිර පළාත් සිංහල බෞද්ධකරණයට නතු කරගැනීමේ

අලුත්ම වෑයම මන්නාරමින් හෙළිදරව් වී තිබේ.

ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුණු තොරතුරක් අනුව උලියම්කුලම් හි ඉදි කිරීමට සැලසුම් කෙරෙන බෞද්ධ විහාරයක් දක්නට ලැබෙන බව 22 දා එහි ගිය  පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පවසයි.

මන්නාරමේ ස්ථාපිත 542  පාබල හමුදා සේනාංකය මගින් දැනටමත් බෝගසක් රෝපණය කර ඒ වටා බැම්මක් බැඳ මල් ආසනයක් ඉඳි කරමින් තිබේ. ඒ පසුව බෞද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කරමින් විහාර සැලසුම් පුළුල් කිරීමේ අරමුණිනි.

''542 බැටලියන් එක කරන වැඩේ අපි හෙළා දකිනවා. මේවාගේ කටයුතු වලින් සංහිදියාවක් ඇති වෙන්නේ නැහැ.'' යැයි මෙහිදී මාධ්‍ය ඇමතූ චාල්ස්
නිර්මලනාදන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

'' දැනටමත් මඩු, මුරුගන්, තිරුකේතීශ්වරම්, සදන් බාර් හා තලෙයි මන්නාරමේ බෞද්ධ පන්සල් තියෙනවා. ඒත් මන්නාරමේ බෞද්ධ පවුල් පනහක් වත් නැහැ.''



උතුරු නැගෙනහිර හමුදා කඳවුරු අවට ප්‍රදේශවල මුලින් බෝ පැලයක් සිටුවා එය හැදුනු වැඩුණු පසු බුදු පිළිමයක් තැබීම යුද හමුදාව විසින් දෙමළ පලාත්වල වෙහෙර විහාර ඉදිකිරීම සඳහා 2009න් අනතුරුව ක්‍රියාත්මක කළ උපාය වී තිබේ.

 
මන්ත්‍රීවරයා පවසන්නේ හමුදාව විසින් දිගින් දිගටම කරගෙන යන මෙම වැඩ පිළිවෙල අත්හැර දමන ලෙස බුද්ධ ශාසන ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන්ට පැමිණිලි කරන බවයි.

බහුතරය පිළිවෙලින් කතෝලික, හින්දුන් සහ ඉස්ලාමිකයන් වන මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු පල්ලිය, උරුමලෙයි ආදම් සහ ඒවගේ සුසානය හා තිරුකේතීශ්වරම් කෝවිල පෞරාණික ආගමික ස්ථාන ලෙස සලකා බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවේ.

 

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්