leader s

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 46  කින් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මතවිය.

යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77 ක් පමණි.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දේශපාලන පක්ෂවල බහුතර මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට පක්ෂවය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව ඒකාන්ත බහුතරයකින් සම්මත වූ බවය.



අලි සබ්රි ආණ්ඩුවට එරෙහිව ඡන්දය දෙයි


නීතිවිරෝධීව මෙරටට රත්‍රං තොගයක් රැගෙන ඒමේදී රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන දඩ මුදලක් පැනවූ පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් ද අද ඡන්ද විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි.

ඔහු එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ජනක රත්නායක ඉවත් කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර තිබේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන වඩිවේල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි සහ කුමාර වෙල්ගම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා ලබාදීම විශේෂත්වයක් විය.

1684888592 24 05 2023 L

 

Parlimant 2023.05.24 1

Parlimat 2023.05.24 11

Parlimnt 2023.05.24

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්