leader s

යශෝධා හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම මහජන බැංකුවෙන් ලබාගත් ණය මුදල් වෙනුවෙන් එම බැංකුවට උකස් කරන ලද නුවරඑළිය නගරයේ පිහිටි දේපළක නිරවුල් භුක්තිය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද

තීන්දුව ප්‍රකාරව නුවරඑළිය දිසා අධිකරණයේ පිස්කල් නිලධාරින් විසින් මහජන බැංකුව වෙත ලබාදී ඇත.  


මහජන බැංකුව වෙත උකස් කළ එම දේපල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව, මහජන බැංකු පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව 2011 වසරේදී වෙන්දේසි කර බැංකුව වෙත පවරා ගන්නා ලදි.

එහෙත් ඉහත දේපල බුක්තිය ලබාගැනීමට නොහැකි වන සේ එම සමාගමේ සභාපති වයි. කස්තුරිආරච්චි විසින් අධිකරණයේ නඩු පවරා තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම අභියාචනා නිෂ්ප්‍රභා කරන ලදි.

ඒ අනුව උක්ත දේපලෙහි නිරවුල් භුක්තිය අද (මැයි 24 ) දින නුවරඑළිය දිසා අධිකරණයෙහි පිස්කල් නිලධාරී විසින් මහජන බැංකුව සන්තකයට ලබාදුන්නේය.

ඉදිරියේදී එම දේපල මහජන බැංකුව විසින් උපලබ්දි කර ණය මුදල් අයකර ගැනීමට මහජන බැංකුවේ පාලනාධිකාරිය විසින් තීන්දු කර තිබේ.

WhatsApp Image 2023 05 24 at 6.40.34 PM

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්