leader s

නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගිනිගැනීම්වලදී ඉන්දියාව ශ්‍රී ලංකා රජයට ලබාදුන් සහාය වෙනුවෙන් වන්දි ඉල්ලා ඇති බවට පළවී ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ වැරදි සහගත බව

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

High Commission 2023.05.25අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කියපු කතාවක් !


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවේ අනතුරට ලක්වූ අවස්ථාවේ ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජයට ඉන්දියානු රුපියල් මිලියන 890ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව පසුගිය 22 වෙනිදා ප්‍රකාශ කරනු කරනු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යි.

ඉන්දීය රජය විසින් අදාළ ඉල්ලීම ලිඛිතව දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

"ටීවි දෙරණ" ඔස්සේ මැයි 22 දා රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් මෙසේ ද පැවසිය.

'' නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ පරිසර හානිය වළක්වා ගැනීමට කටයුතු කළේ මුලික වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා අපේ ඉල්ලීම මත ඉන්දීය නාවික හමුදාව. පරිසර හානිය තවත් බරපතළ වෙන්න තිබුණ එක වළක්වා ගන්න. ඉන්දීය නාවික හමුදාව දීපු දායකත්වය සම්බන්ධයෙන් මේ වනවිට ඒ අය අපෙන් මුදල් ඉල්ලලා තියෙනවා ඉන්දීය රුපියල් මිලියන 400ක්. ලංකාවේ මුදලින් නම් රු මි 1,400ක් වගේ. මේවා කටකතා නෙමෙයි. ලිපිගොනුවෙත් ඇති එවපු ලේඛනය. පහුවෙලා දෙන්නම්. එක්ස්ප්‍රස් පර්ල් එකට රු මි 490යි. නිව් ඩයමන්ඩ් එකට රු මි 400යි.''

අද දෙරණ වෙබ් අඩවිය එය වාර්තා කර තිබුනේ මෙසේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලයි


JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්