leader s

මාසයකට පෙර මීරිගම නගරාසන්නයේ දී කාරයක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව කියන මූල්‍ය සමාගමක සියළු දෙනාත් එම කාරයත්, එහි තිබූ සියලු දේපලත් වහාම අත් අඩංගුවට ගෙන

අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මීරිගම පොලීසියට නියෝග කළේය.

ගම්පහ බැණ්ඩියමුල්ල පදිංචි සුනිල් සිසිර කුමාර නැමැත්තකුට අයත් කාරයක් 2023 අප්‍රේල් නව වැනි දා මීරිගම නගරාසන්නයේ දිවුලපිටිය මාර්ගයේ දී පිරිසක්  බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් තිබිණ.

මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව මීරිගම පොලීසිය මූලික පරීක්ෂණ පැවැත්වීමේ දී හිඟ වාරික මුදල් නොගෙවීම හේතුවෙන් කාරය පැහැරගෙන ගොස් ඇති බවත් එම කාරය තුළ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් හා චෙක් පොත් පහක්ද තිබී ඇති බවද හෙළි වී තිබිණ.

මේ පිළිබඳව මීරිගම පොලීසිය පෙර දිනයක අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවක් යළි කැඳවූ අවස්ථාවේ මීරිගම පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ ජී ඇස් පී සුබසිංහ කරුණු දක්වමින් කාරය පැහැරගෙන යාම පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී කාරයට ගෙවිය යුතු හිඟ වාරික මුදල් නොගෙවීම හේතුවෙන් කොළඹ 10 ප්‍රදේශයේ පවත්වා ගෙන යන මූල්‍ය සමාගමක පිරිසක් එය පැහැර ගෙන ගොස් ඇති බව කියා සිටියේය.

මේ අනුව එහි කළමණාකාරවරයාට කාරයත් රැගෙන පොලීසියට එන ලෙස දන්වා තිබුණත් ඔහු මේ දක්වා නොපැමිණි බව ද පොලිස් පරීක්ෂකවරයා කීය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින්, ''පොලීසියට එන්න කියන්න අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිවම අපරාධයක්. වහාම කාරය පැහැරගෙන ගිය පුද්ගලයන් හා එයට උපදෙස් දුන් සියලු දෙනාම තරාතිරම නොබලා අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස''  මීරිගම පොලීසියට නියෝග කළේය.

(lankadeepa.lk)

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්