leader s

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් භාරදී ඇත.


එම මන්ත්‍රීවරයා රත්‍රන් සහ ජංගම දුරකථන රැගෙන දිවයිනට ඇතුලුවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපළේදී පසුගියදා රේගු භාරයට ගැනිණ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සන්තකයේ තිබී රේගු නිලධාරීන් විසින් රත්‍රන් කිලෝ ග්‍රෑම් තුන හමාරක් සහ ජංගම දුරකථන 91 ක් සොයා ගනු ලැබිය. ඒ අනුව එම මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 75 ක දඩයක් ගෙවීමට නියමවූ අතර පසුව එම දඩය ගෙවීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රේගු නිලධාරීන් විසින් නිදහස් කළේය.

එම මන්ත්‍රීවරයා වරප්‍රසාද අවභාවිත කර ඇති බවට කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් අදාළ මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත. එම ලිපියට දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර,  හර්ෂණ රාජකරුණා, වසන්ත යාපා බණ්ඩාර, වීරසුමන වීරසිංහ ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් කර තිබේ.

WhatsApp Image 2023 05 25 at 3.35.08 PM

WhatsApp Image 2023 05 25 at 3.35.07 PM

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්