leader s

 තමා නිර්දෝශි බවත්, මහජන සේවය උදේසා මන්ත්‍රී ධුරය රැකගැනීම⁣ට ඉහල අධිකරණවල පිහිට පතන බවත් පුත්තලම් දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් පවසයි.

ඔහු එබව කියා සිටියේ, Voice Tube යූටියුබ් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමේ අවදානමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


නීතිවිරෝධී ලෙස රත්‍රන් සන්තකයේ තබාගෙන මෙරටට පැමිණීමේ චෝදනාව යටතේ රේගුව විසින් අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් එම සිද්ධියෙන් අනතුරුව මුල්වරට Voice Tube යූටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්  අදහස් දැක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පැවසුවේ තමන් අපහසුතාවයට පත්වූ මොහොතේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා කිසිදු සහයෝගයක් ලබා නොදීම හේතුවෙන් ජනක රත්නායක ඉවත්කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවයි.

එසේම අදාළ රත්‍රන් තොගය තමන්ගේ නොවන බවත්, එය තමාගේ පාක්ෂිකයෙක් වන මිරාජ් නැමැත්තෙකුගේ බවත් ඔහු සඳහන් කළේය. 

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්