leader s

බෞද්ධ ආගමට අපහාස වන අකාරයෙන් වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළා යයි චෝදනා එල්ලවී ඇති ජයනි නටාෂා එදිරිසූරිය සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට ආ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.

කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නටාෂා එදිරිසූරිය අද අලුයම 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මේ වනවිට නතාශා එදිරිසූරිය කොළඹ, නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

 

පසුගිය අප්‍රේල් මස පළමුවෙනිදා 'කොලම්බෝ කොමඩි සෙන්ටර්' (Colombo Comedy Central) විසින් පැවැත්වූ ප්‍රසංගයක දී"මෝඩාභිමානය" නමින් ඉදිරිපත් කළ වැඩසටහනට අදාල වීඩියෝවක් මිට දින දෙකකට පෙර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු අතර එහිදී ජයනි නටාෂා එදිරිසූරිය සිදුකළ ප්‍රකාශයක් සාමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්වෙමින් තිබේ.

 

එම ප්‍රකාශයෙන් බුද්ධාගමට බරපතල අපහාසයක් සිදුව ඇතැයි පුජ්‍ය ඇල්ලේ ගුණවංශ ඇතුළු හිමිවරුන් කිහිප නමක්ම ආණ්ඩුවට එරෙහිව විරෝධයක් මතුකරමින් සිටින අතර තවත් කිහිපදෙනෙකු රහස් පොලිසියට පැමිණිලි කර ඇත.

කෙසේවුවද තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලමින් ජයනි නටාෂා එදිරිසූරිය සහ 'කොලම්බෝ කොමඩි සෙන්ටර්' කණ්ඩායම ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකර තිබුණි.

එසේම අදාල වීඩියෝව ඉවත්කර ගැනීමට ද ඔවුන් කටයුතු කර ඇත.



මේ අතර ජයනි නටාෂා එදිරිසූරිය නිදහස් කරන්නැයි ඉල්ලා පෙත්සම් ව්‍යාපාරයක් ද මේවනවිට ආරම්භවී තිබේ.

Release Sri Lankan Comedian Arrested for Expressing Sensitive Religious Opinions



 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්