leader s

SL Vlog හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ

පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

‘මෝඩාභිමානය’ වැඩසටහනේදී නතාෂා එදිරිසූරිය කළ ඉදිරිපත් කිරීම යූටියුබ් වෙත මුදා හැරීම හේතුවෙන්, ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ, නිහාල් තල්දූව පැවසීය.

බෲනෝ දිවාකරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත අද (මැයි 31වැනිදා) පැමිණෙන ලෙස දන්වා ඇති අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

‘මෝඩාභිමානය’ වැඩසටහනේදී නතාෂා එදිරිසූරිය කළ ඉදිරිපත් කිරීම යූටියුබ් වෙත මුදා හැරීමේ සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්