''අද දෙරණ, එසැණ වගේ මාධ්‍යවලින් කිසිම සොයා බැලීමක් නොකර මං ගැන ප්‍රවෘත්ති විකෘති කරමින් පළ කරනවා.

මේ මාධ්‍ය මුල ඉඳන්ම මගේ ගැන බොරු කතා ගොඩක් ප්‍රචාරය කළා. මට නොයෙකුත් අපවාද නිර්මාණය කළා. මේ තවත් එකක්.'' ජනප්‍රිය ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලි පවසයි.

තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුවක් අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර තිලිණි ප්‍රියමාලි අධිකරණයේ පෙනී නොසිටියේය.

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ, තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.

ඒ අනුව නඩුව අගෝස්තු මස 11 වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් නියෝග කළේය.

ඒ සම්බන්ධයෙන් ''අද දෙරණ, එසැණ'' නිකුත්කර ඇති පණිවිඩය පිළිබඳව අදහස් දක්වමින් තිලිණි ප්‍රියමාලි මෙසේ පැවසුවාය.

'' මගේ නඩුව කල් ගිය කතාව මේකයි.''

 

2013 අවුරුද්දෙදි මගෙත් එක්ක ආදර සම්බන්ධයක් තිබුණ සමිත් අනුරුද්ධ කියලා කෙනෙක්. එයා හිටිවෙ තංගල්ල ප්‍රදේශයේ. ඒ කාලෙ එයා පාවිච්චි කලේ මගේ ලෙක්සස් ජීප් එක. එයාගෙ මෙරූන් ඇලියොන් එක මං පාවිච්චි කලේ. අපි දෙන්නා වාහන දෙක මාරු කරගෙන පාවිච්චි කළා.

 

එයාට එයාගෙ වාහනේ විකුණන්න ඕන කිව්වා. මං දන්න හිතවතෙකුට ඒක විකුණන්න කතා කරලා දුන්නා. ඒ පුද්ගලයා වාහනය විකුණලා සල්ලි දුන්නෙ නෑ. ලක්ෂ 42ට තමයි ඒ මනුස්සයා ඒක විකුණලා තිබ්බෙ.

1016 නඩු අංකය අලු‍ත් කඩේ අංක 04 උසාවියෙ නඩුව තිබුනෙ. මේ නඩුවෙ පැමිනිල්ල දාන්නෙ ම‍ගේ පෙම්වතා. මං ලක්ෂ 42ක් ගෙවලා මේක ඉවර කරන්න කැමති වුනා. ඒත් එයා  ලක්ෂ 68ක්ම ඕන කියලා හිටියා. දැන් මේක කොළඹ මහාධිකරනේ අංක 04 උසාවියෙ පවතින නඩුවක් වෙලා තියෙනවා.

අද මං අසනීප තත්වෙන් ඉන්න නිසා නඩුවට ඉදිරිපත් වුනේ නෑ. ගාන ලක්ෂ 68යි. ලක්ෂ 80ක් කොහේවත් නෑ. ඇයි රටේ වග කිව යුතු මාධ්‍ය මේ විදිහට බොරු කියන්නෙ?

මේක මං ගෙවන්න කැමති වෙලා හිටියෙ. මං ගත්ත එකක් නොවුනත් මම ඇප වෙලා ගත්ත නිසා ගෙවන්න මං එකග වුනා. . මං මේකට වැරදිකාරයෙක් නෙමෙයි. මං ඇප වුනා විතරයි. නිහාල් කියලා නාවල සේනානායක මාවතේ කෙනෙක් මේ වාහනේ  විකිනුවෙ. ඒ මනුස්සයා මේක විකුනලා ආපහු  මුදල් ලබා දුන්නෙ නෑ. මට ලබා දුන්නෙත් නෑ. මමත් විශ්වාසෙට දුන්නෙ. මගේ විශ්වාසය ඒ මනුස්සයා කඩ කළා. මං ඒ මනුස්සයාට නඩුවක් පවරන්න ගියේ නැති වුනාට මගේ පෙම්වතා මට නඩුවක් පවරනවා.

ඒ ගැන වාර්තා කරන මුවාවෙන් මේ මාධ්‍ය මාව වැරදිකාරයෙක් විදිහට සමාජගත කරනවා.''




JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්