leader s

ජාතිභේද ආගම්භේද ඇති කිරීමට කටයුතු කරන පුද්ගලයන් හා මාධ්‍ය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයා විසින් රාජ්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

පසුගිය දින කිහිපයේම සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඒවා වෙත සමාජ මාධ්‍යයේ ලබාදුන් ඉඩකඩ සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත්, මේ පිටුපස වෙනත් කණ්ඩායමක් සිටීද යන්න සැකයක් පවතින නිසාත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

ඒ අනුව ජාතිභේද ආගම්භේද ඇතිවන ආකාරයෙන් මාධ්‍ය හැසිරවීමට අදාළ විමර්ශන දැනටමත් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

 
එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ, මෙරට ප්‍රධාන මාධ්‍ය නාලිකා කිහිපයක් තමන්ගේ ප්‍රවෘත්තිවල වැඩි කාලයක් ලබා දෙමින් ආගමික සහජීවනය කඩාකප්පල් කරන ආකාරයේ පුවත් දිගින් දිගටම වාර්තා කරමින් ජනතා ආතතිය තව තවත් වැඩිකරවන බවට පොලිසියට පැමිණිලි ලැබී ඇති බවයි.

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්