leader s

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රතිලාභ ජංගම දුරකථන සහ උපාංග අලෙවිය හරහා ලබා දීමට නොහැකි බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය (ACCOA) පවසයි.

එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පැවසුවේ අඩු මිලට කිසිදු ජංගම දුරකථනයක් හෝ උපාංගයක් ලබාදිය නොහැකි බවයි.

එමෙන්ම මීට පෙර රුපියල් 1500ට අලෙවි කළ මූලික ජංගම දුරකථනය තවමත් පවතින්නේ රුපියල් 4500 සීමාවේ බවද ඔහු පෙන්වා දෙයි.  

ඩොලරයේ අගය අඩු වීමෙන් පසු මහා පරිමාණ ආනයනකරුවන්ට කිසිදු සහනයක් ලැබී නොමැති බව පවසන සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය,  
මේ හේතුවෙන් කුඩා පරිමාණ විකුණුම්කරුවන්ට කිසිදු සහනයක් ලබා දීමට නොහැකි බව සඳහන් කරයි.

කෙසේවුවද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රතිලාභය ජනතාව වෙත ලබා දෙන බව රජය පසුගිය දිනෙක ප්‍රකාශ කළේය.

(aruna.lk) 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්