leader s

2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, eservices.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදුකළ හැකි බවයි.

2023 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ දිනවල සිදු කෙරේ.

ඒ සඳහා වන සංගණන පත්‍ර ග්‍රාම නිලධාරීවරුන් වෙත නිකුත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අදාළ සංගණන පත්‍රිකා නිසි පරිදි සම්පූර්ණ කිරීමට සහය වන්නැයි මැතිවරණ කොමිසම සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ප්‍රතිශෝධන කටයුතු ලබන 16 වැනිදායින් අවසන් වෙයි.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්