leader s

ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ජංගම දුරකථනවල මිල පහළ දැමීමට තීරණය කළ බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.


කොළඹ දී ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ජංගම දුරකථනවල මිල සියයට 20කින් පමණ පහළ යනු ඇති බවය.

පසුගිය සමයේ ජංගම දුරකතන මිලදී ගැනීම සියයට 40කින් පමණ අඩුවී ඇත.  

සමිත් සෙනරත් එම මාධ්‍ය හමුවේදී මෙසේ සඳහන් කළේය.



ජංගම දුරකථනවල මිල සියයට 20කින් පමණ අඩුකිරීමේ තීරණයක් !


1686313887 mo L
''ඉදිරියේදි ඩොලරයේ අගය වැඩිවුවහොත් ජංගම දුරකතනවල මිල යලිත් වැඩිවෙනවා'' - සමිත් සෙනරත්


මේ අතර ඩොලරයේ මිල අඩුවීම සැලකිල්ලිට ගනිමින් ජංගම දුරකථනවල මිල සියයට 20කින් පමණ අඩු කිරීමට ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මෙසේ පැවසිය.

"හැමෝම දන්නවා දැන් ඩොලරය අඩුවෙලා තියෙනවා. ඉතින් අපි සියයට 20කින් ජංගම දුරකථන සහ ඒ හා සම්බන්ධ උපාංගවල මිල අඩුකරන්න තීරණය කළා, මොකද අපි ජනතාව පිටට බර දැම්මා වගේම තමයි, ජනතාවට දීපු බර ඩොලර් එක අඩුවෙද්දී අඩුකරන්න ඕන. එහෙම නැත්නම් ඒක අයථා ව්‍යාපාරයක් වෙනවා. යාපනයේ ඉඳලා මාතර දක්වා සැළකිය යුතු සාමාජිකයින් පිරිසක් ඉන්නවා. ඒ හැමෝම ඒකමතිකව තීරණය කරලා තියෙනවා මේ මිල අඩුකිරීමට."


JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්