සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා නොදී සිරකරගෙන සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියාගේ

දියණිය කවුරුන්ද යන වග ලබන සදුදා වන විට ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

සීමාවාසික පුහුණුව නිමකර ඇති වෛද්‍යවරුන් 400 දෙනාට අවශ්‍ය පත්විම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තුළ නිසි වැඩපිළිවෙලක් නොමැත්තේ අදාල නිලධාරියාගේ දියණිය සීමාවාසික පුහුණුවට ලබා ගැනීමට සිටින කණ්ඩායමට ඇතුලත් කර ගන්නා තෙක් බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල්  විජේසිංහ සඳහන් කරයි.

සෞඛ්‍ය අමාතයංශයේ අදාල නිලධාරියාගේ දියණිය යුධ හමුදා නිලධාරිනියක ලෙස මේ වන විට කොතලාවල වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබයි.  ඇය ඇතුළු කණ්ඩායම මේ වන විට වෛද්‍ය පීඨය තුළ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර නොමැති අතර එය සම්පූර්ණ කිරිමට තවත් මාස කීපයක් ගතවනු ඇති බවද  වෛද්‍ය චමිල්  විජේසිංහ කියා සිටියි.

එම කණ්ඩායමේ උපාධිය සම්පූර්ණ කරන තෙක් උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන්වද සීමාවාසික පුහුණුව සදහා බදවා නොගෙන කල් මැරීමේ කූඨ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක කරන බව වෛද්‍ය චමිල් පවසයි.

දැනට සීමාවාසික පුහුණුවේ යෙදී සිටින වෛද්‍යවරුන් 400ක් දෙනා ලබන ජූනි මස 27 වන දින වන විට සිය පුහුනුව නිම කරන අතර වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර සිටින වෛද්‍යවරුන්ට එදිනම හෝ ඊට ආසන්න දිනයක සීමාවාසික පුහුණුව සදහා රෝහල්වෙත අනුයුක්ත කළ යුතුය.

මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිඛිතව දැන්විය යුතු නමුත් මේ වන තෙක් එවැනි දැනුවත් කිරිමක් කර නොමැති බවද සංගමය සඳහන් කරයි.

කෙසේ නමුත් ලබන ජූනි 27 වන දින වන විට මෙම ගැටලුව විසඳන බවට සෞඛ්‍ය අමාත්‍යංශය දින වකවානු සහිතව ප්‍රකාශ නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සිදුවන බවද සංගමය අනතුරු අගවා සිටියි.


( මුලාශ්‍රය - lankasara.com)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්