2022 මැයි 09 දා ගෙවල් ගිනි තැබීම්වලට ලක්වූ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වෙනුවෙන්

තවමත් සාධාරණයක් ඉටු වී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති වික්‍රමසිංහ හමුවේ දා ප්‍රකාශ කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම දුක්ගැනවිල්ල ඉදිරිපත් කර තිබේ.

එම වැරදි කළ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව තමන් තුළ බලවත් කනගාටුවක් තිබෙන බවද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

පොදුජන පෙරමුණේ ගාමිණී ලොකුගේ, සාගර කාරියවසම්, ඩී බී හේරත් ඇතුළු මන්ත්‍රී වරුන් ගණනාවක් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ බව සඳහන් කර ඇත.

ආපදාවට ලක් වූ මැති ඇමැතිවරුන් එක්ව අධිකරණයට ඉදිරිපත් කළ නඩුවක් තමන් ද නොදැනුවත්ව ඉවත් කරගෙන ඇතැයි එම මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත.

2022 මැයි 09 සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව සාධාරණයක් ඉටු වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් එම සිද්ධියට අදාළව අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.


සබැඳි පුවත් :

ශවේන්ද්‍රට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගත් හේතුව ?

කරන්නාගොඩ වාර්තාවට පුස්සක් වෙයි ! ශවේන්ද්‍රට එරෙහි රිට් පෙත්සම ඉල්ලා අස්කර ගනී 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්