ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදා පෙර අවසන් විසදුමක් ලබා නොදුනහොත්

යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය, ජනාධිපති වික්‍රමසිංහ හමුවේ ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව හා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවේදි මේ බව අවධාරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් මන්ත්‍රීවරයා පැවසුවේය.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබද විසදුම් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවත් එම පොරොන්දු එයාකාරයෙන් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ගෝලීය ස්වයං තීරණ අයිතිය යටතේ මෙරට ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් විසදුමක් ලබාගැනීමේ ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලීමට සිදුවනු ඇති බවත් මෙහිදි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත අවධාරණය කර සිටිය බවද සානක්‍යන් මන්ත්‍රීවරයා පැවසුවේය.

රෝගාතුව සිටින දෙමළ දේශපාලන සිරකරුවෙකු පොසොන් පෝය දින නිමිත්තෙන් හෝ නිදහස් කරනු ඇතැයි සිය පක්ෂය අපේක්ෂා කළද ඔහුව නිදහස් නොකළ බව කී සානක්‍යන් මන්ත්‍රීවරයා, සිය සන්ධානය වසරක කාලයක් වත්මන් ජනාධිපතිවරයා හා සාකච්ඡා පවත්වමින් සිටින බවද එහෙත් සිය සන්ධානය ඉල්ලා සිටි මුලික ඉල්ලීම්වලටවත් මෙතෙක් විසදුම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බවද පැවසුවේය.

(lankadeepa.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image