පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.



ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

මහාචාර්ය අනුර මනතුංග ලංකාවේ කිර්තිමත් පුරාවිද්‍යා විද්වතෙක් මෙන්ම ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ කැළණි විශ්වවිද්‍යාලයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කළ, එම අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානියා ලෙස වසර ගණනක පර්යේෂණ සහ ක්ෂේත්‍ර අත්දැකීම් ඇති ප්‍රමාණිකයෙකි.    

ඔහු ආචාර්ය සෙනත්ර දිසානායකගෙන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් වූයේය.



ජනාධිපතිගෙන් පුරාවිද්‍යා ලොක්කාට ඉතිහාස පාඩමක් 

මහාචාර්ය අනුර මනතුංග ගේ හදිසි ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ මත පලවී ඇත.

ඒ අතර, ඓතිහාසික කුරුන්දි රජ මහා විහාරයේ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදුකර වෙන් කළ ඉඩම් අක්කර 279ක ප්‍රමාණයෙන් ඉඩම් අක්කර 79ක්  ඉවත් කිරීම කළ නොහැකි බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගට ජනාධිපතිවරයා දෝෂාරෝපණය කරන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වෙමින් තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගට “ඔයා හදන්නෙ මට ඉතිහාසෙ උගන්නන්නද? නැත්තම් මම ඔයාට උගන්නනවද?” යනුවෙන් පවසන ආකාරයක් එම වීඩියෝවේ දැක්වේ.

ජනාධිපතිවරයා සහ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර පසුගිය 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අතර  මෙම සංවාදය සිදුව තිබේ.

එම පුරාවිද්‍යා භූමිය සඳහා අක්කර 270ක පමණ ඉඩමක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරියා පැවසූ විට එය (ඓතිහාසික කුරුන්දි රජ මහා භූමිය) අනුරාධපුර මහා විහාරයට වඩා විශාලදැයි ජනාධිපතිවරයා විමසා සිටියි.

“ඇයි අක්කර 275ක් ඕන? ඒක මහාවිහාරයට වඩා ලොකුද? මහා විහාරය, ජේතවනාරාමය සහ තුනම. අභයගිරි අක්කර 100ක් ගන්නේ නැහැ.” ජනපතිවරයා කීවේය.

කෙසේවුවද අනුර මනතුංග පවසන්නේ පෞද්ගලික හේතු මත තමා තනතුරෙන් ඉල්ලා අස් වූ බව යි.
 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්