leader s

අමාත්‍යධූර සහ රාජ්‍ය අමාත්‍ය ධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් ඇතුළු 06 දෙනා ඉදිරියේදීත් පක්ෂය තුළ පෙර පරිදි කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධූර හා රාජ්‍ය අමාත්‍යධූර භාරගත් 06 දෙනාට එරෙහි විනය ක්‍රියාමාර්ග නොගන්නා බව දන්වමින් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එබව කියා සිටියේය.



කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ ආණ්ඩුවේ තනතුරු භාරගත් සිය පක්ෂයේ පිරිසට එරෙහි විනය පරීක්ෂණ අත්හිටවූව ද ඔවුන් දැරූ නිලතල නැවත ලබාදී නොමැති බවයි.



මේ අතර එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ, පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු නව දෙනකුට යොමු කරන ලද ලිපිය අත්හිටුවීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බවයි.


සබැඳි පුවත් :
ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු 09 දෙනා ගැන ශ්‍රීලනිපය තීන්දුවක් ගනී

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්