ඉදිරි ජනාධිපතිවරණයට තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා
'අල්ජසීරා' රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් යලිත් අවධාරණය කර ඇත.
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තීරණය කළේ බොහෝ කලකට පෙර බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ.
රටේ මතුව ඇති ආරක්ෂක තත්වයත් සමඟ තමන්ට ජනාධිපතිවරණයට තරග වැදීමට අවස්ථාවක් උදාවී ඇත්දැයි අල්ජසීරා රූපවාහිනිය මෙහිදී ඔහුගෙන් විමසා ඇති අතර එහිදී අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ මැතිවරණය නොව රට සහ ජාතියට සිදුවන විනාශය පිළිබඳ තමන් අවධානය යොමු කරන බවයි.
ඇමරිකාව සමග ගිවිසුමක් !
රටේ මතුව ඇති ආරක්ෂක තත්වයත් සමඟ තමන්ට ජනාධිපතිවරණයට තරග වැදීමට අවස්ථාවක් උදාවී ඇත්දැයි අල්ජසීරා රූපවාහිනිය මෙහිදී ඔහුගෙන් විමසා ඇති අතර එහිදී අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ මැතිවරණය නොව රට සහ ජාතියට සිදුවන විනාශය පිළිබඳ තමන් අවධානය යොමු කරන බවයි.
ඇමරිකාව සමග ගිවිසුමක් !

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අජිත් කොලොන්නේ මහතා 'රාවය' පුවත්පත සමග කළ සාකච්ජාවක දී අනාවරණය කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයේ සිටිය දී ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නොදන්වා ඇමරිකාව සමග ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.
ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිව සිටි රොබට් ඕ. බ්ලේක් මහතා එම ගිවිසුම අත්සන් කර ඇත.
''එම ගිවිසුම අත්සන් කරන රට පෙන්ටගනයේ නීති පද්ධතියට යටත්වෙන බව එහි පැහැදිලිවම සඳහන් වෙනවා. මෙම ඇක්සා ගිවිසුම ඇමෙරිකාව ඕනෑම රටක් සමඟ අවුරුදු දහයක කාලසීමාවක් සඳහායි අත්සන් කරනු ලබන්නේ. එම ගිවිසුමට එළැඹි විට ප්‍රවාහනය සහ බෙදාහැරීම සඳහා වන අන්තර් ක්‍රියාකාරී හැකියාව (Interoperaterbilty to Transfer and Exchange Logistics & Supplies) එනම් යම් ක්‍රියාන්විතයන්වලදී ඇමරිකානු හමුදාවට අවශ්‍ය කරන සියලුම පහසුකම් සැපයීමට අනෙක් පාර්ශ්වය බැඳී සිටිනවා.
එම පහසුකම්වලට අයත් වන්නේ සීමිත මෙහෙයුම්වලදී අවශ්‍ය නම් ගුවන්යානා සහ නාවුක යාත්‍රා සඳහා ඉන්ධන සැපයීම, එම රටවල ඇති වරායවල් සහ ගුවන් තොටුපොළවල් මෙන්ම මුහුදු සහ ගුවන් සීමා භාවිතය, සාම සාධක හමුදා යැවීම වැනි කාර්යයන් සඳහා ඊට අවශ්‍ය කරන සහයෝගය ලබාදීම, යුධ අභ්‍යාස ඇමරිකානු හමුදාවත් සමඟ එක්වී ක්‍රියාත්මක කිරීම් වැනි බොහෝ කරුණු සඳහා ගිවිසුම අත්සන් කරන රටවල් බැඳී සිටිනවා.'' යයි ආචාර්ය අජිත් කොලොන්නේ මහතා පවසයි.
ආචාර්ය අජිත් කොලොන්නේ මහතා සමග කල සම්පුර්ණ සාකච්ජාව මෙතනින් බලන්න







