leader s

ආණ්ඩුව පවත්වාගෙනයාමට බාධාකාරී අභ්‍යන්තර තත්ත්වයක් මතුවුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.



ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දස  (10) දෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර ලබාදෙන ලෙස එම පක්ෂයෙන් දිගින් දිගටම එල්ලවී ඇති අනිසි බලපෑම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමුව ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

මේ අතර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ජාවක් සඳහා අද (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇත. මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂටද එම රැස්වීමට ආරාධනා කර ඇතැයි වාර්තාවේ.

  

 රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පොහොට්ටු පක්ෂයේ දිස්ත්‍රීක් නායකයින් ඇතුළු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින්  45 කට පමණ පිරිසකට පසුගිය සඳුදා (12) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවකට ආරාධනා කර තිබුනද, මෙම රැස්වීම සදහා පොහොට්ටු දිස්ත්‍රික් නායකයින් ලෙස පැමිණ සිටියේ පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, රමේශ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ, තේනුක විදානගමගේ, කපිල අතුකෝරාල පමණි. එහිදී කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට අමතරව පැමිණියේ තේනුක විදානගමගේ, කපිල අතුකෝරාල හා මහින්දානන්ද අළුත්ගමගේ යන දිස්ත්‍රික් නායකයින්ය. 

එස් එම් චන්ද්‍රසේන, විමලවීර දිසානායක, ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එම වර්ජකයින් පිරිසට ඇතුළත් වූහ.


මැති ඇමතිකම් නොදරන පක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව පළමුව පක්ෂ නායකයන් දැනුවත් කර ඉන් අනතුරුව පක්ෂයේ මාර්ගයෙන් මන්ත්‍රීවරුන් කැඳවන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බව පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසීය.




JW


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්