ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් ‘Women in Aviation Multimedia Engagement Contest’ නමින් ලොවපුරා එළිදැක්වූ වීඩියෝ/ ඡායාරූප තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්

දේව් කව්සල සමරජීව විසින් ඉදිරිපත් කළ වීඩියෝ නිර්මාණය අවසන් නිර්මාණ 12 අතරට තේරී පත්ව තිබේ.

මේ වන විට අදාළ තරඟකාරී වීඩියෝ සියල්ල ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නිල ෆේස්බුක්පිටුවට උඩුගත කර ඇති අතර ජුනි 15 දක්වා ජනතා මනාප සඳහා විවෘත කර ඇත.

වැඩිම ජනතා ප්‍රතිචාර (Likes, Hearts etc.) ලබාගන්නා වීඩියෝව ජයග්‍රාහකයා ලෙස තෝරා ගැනීමට නියමිතයි.

ජයග්‍රාහකයා ස්පාඤ්ඤයේ පැවැත්වෙන ජනප්‍රිය ගුවන්සේවා සමුළුවක් වන ICAO Global Aviation Gender Summit 2023 දී විශේෂ ඇගයීමට ලක් කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව සමග තරඟවදින අනෙකුත් රටවල් 11 වන්නේ ප්‍රංශය, පිලිපීනය, ආජන්ටිනාව, ඇමරිකාව, තුර්කිය, ස්ලෝවෙනියාව, අයර්ලන්තය, සර්බියාව, කෙන්යාව, කැනඩාව සහ සීෂෙල්ස් රාජ්‍යය වේ.

මේ වන විට මනාප 27,000+ අධික සංඛ්‍යාවක් ලබාගනිමින් ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටී.

පිළිවෙළින් ආර්ජන්ටිනාව සහ තුර්කිය දෙවන සහ තුන්වන ස්ථාන වල තියුණු තරඟයක් දෙමින් රැඳී සිටී.

පහත වීඩියෝ නිර්මාණයට ගොස් ඔබගේ ප්‍රතිචාරය (Reaction) ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් ලබාදිය හැකිය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්