leader s

උතුරු මුහුදේ ඉන්දීය ධිවරයන් අනවසරයෙන් සිදු කරන මසුන් මැරීමේ කටයුතු නතර කිරීමට මැදිහත් වන්නැයි උතුරේ ධිවර සංගම් නායකයන් ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත යොමු කිරීම සදහා යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලය වෙත ජුනි 13 වැනිදා පෙත්සමක් භාර දෙමින් ධීවර සංගම් හයකින් සැදුම්ලත් උතුරේ එක්සත් ධීවර සංගම් එකතුව එම ඉල්ලීම කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 පෙත්සම බාරදීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් උතුරේ එක්සත් ධීවර සංගම් එකතුවේ සභාපති අන්නලිංගම් අන්නරාසා සදහන් කළේ ඉන්දීය ධීවරයන්ගෙන් උතුරේ ධීවරයන්ට සිදු වන හානියට අමතරව චීන මුහුදු කූඩලු ගොවිපලවල් නිසාද ධීවරයන් පීඩා විදින බවයි.

 "චීන මුහුදු කූඩැල්ලෝ ගොවිපලවල් සහ නීති විරෝධී මසුන් ඇල්ලීම නිසා උතුරු මුහුදේ ධීවරයන් පීඩාවට පත් වෙලා තියනවා.  මේ විපත්වලින් අපිව බේරන්න කියලා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලිපියක් ඉන්දීය කොන්සල් කාර්යාලයට බාර දීලා තියනවා."

 ඉහලින් ලැබෙන උපදෙස් අනුව කටයුතු කිරීමට සිදු වීම නිසා ස්වාධීනව සිය රාජකාරිය කිරීමට නොහැකි තත්වයක් යාපනයේ ධීවර කර්මාන්තය භාරව සිටින නිලධාරීන්ට ඇති වී තිබෙන බවද ධීවර සංගම් නායකයා එහිදී සදහන් කළේය.

 "යාපනයේ ධීවර කර්මාන්තයේ නිලධාරීන්ට ටෙලිපෝන් වලින් එන පනිවිඩ වලට තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. පරිසරය සහ ජනතාව ආරක්ෂා කරන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට නොහැකි බව එයාලා කියනවා. ඉතින් කා ළඟට ගිහින් මේක කියන්නද? අපි ඉන්දීය කොන්සල් කාර්යාලය හරහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කරනවා."

 උතුරේ ධීවරයන් සාගර කර්මාන්තයෙන් එළවා දැමීමට දරන උත්සාහය මෙන්ම ඉන්දියන් ට්‍රෝලර් යාත්‍රා නිසා ධිවරයන් සිදු වන විනාශය නතර කිරීමට  ඉන්දියාව ඉදිරිපත් විය යුතු බව අන්නලිංගම් අන්නරාසා වැඩි දුරටත් සදහන් කළේය.

101

 ඉන්දියාවේ තහනමට ලක් වූ  මුහුදු කූඩැල්ලන් ගොවි පොළ උතුරු මුහුදේ පිහිටුවීමට දරන උත්සාහයකට විරෝධය පෑ අන්නලිංගම් අන්නරාසා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සදහන් කර තිබුනේ මුහුදු කූඩැල්ලන් බෝකිරීම තහනම් කිරීමට අර්ධද්වීපයේ සිටින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් මැදිහත් විය යුතු බවයි.

ධිවර සංගම් නායකයා අනතුරු  අඟවන්නේ උතුරු  මුහුදේ සීග්‍රයෙන් වැඩි වන මුහුදු කූඩැල්ලන් ගොවිපළ නිසා තව වසර කිහිපයකින් ජනතාවට අවශ්‍ය මාළු ලබා ගැනීමට නොහැකි වනු ඇති බවටයි.

ඔහු පෙන්වා දෙන පරිදි යාපනේ මුහුදේ පමණක් නොවේ, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වයඹ දිග පූනගරි මුහුදත් කුඩල්ලන් වගාවට නතුවී තිබේ.

 ගුයි ලාං නම් චීන සමාගම විසින් පුනගරි, කව්දාරිමුනෙයි හි  පිහිටුවා ඇති මුහුදු කූඩැලු ගොවිපල නිසා සුළු පන්න ධීවර පවුල් 3,200 කට පමණ ජීවිකාව අහිමි වන බව පාසියූර් ධීවර සංගම් නායක පී මදන් මේ වසර මුලදී අනතුරු අඟවා තිබුණි.

 මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑමයක් ජාත්‍යන්තර වෙළෙඳපල මිල ගණන් අනුව අඩුම වශයෙන් රුපියල් 13,000ක් පමණ වේ.  

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්