ප්‍රකාශ සටහන් කරගැනීම සදහා පොලීසියට කැදවා අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ක්‍රියාකාරීන් සිව් දෙනෙක් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.


එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත කිලිනොච්චි මහේස්ත්‍රාත් විසින් නිදහස් කර ඇත්තේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ කාන්තා අංශයේ සභාපතිනි වාසුකී සුදාහරන්, ලේකම් කිරුබා ගිරිදරන්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය සංවිධායක තීබන් දිලීෂන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ රියදුරු අරසන්ය.

ජුනි 2 වැනිදා නැගෙනහිර වඩමරාච්චි යේ ක්‍රීඩා සමාජයක පැවති රැස්වීමක් අතරතුර පොලිස් බුද්ධි අංශ සාමාජිකයකු විසින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට පහරදීමට උත්සාහ කර තිබු අතර තවත් අයකු විසින් පිස්තෝලයක් එල්ල කර තිබුනි.

ඒදින එම ස්ථානයේ පැවැති ක්‍රීඩා සමාජ රැස්වීමට සහභාගී වී ඇති ඉහත ක්‍රියාකාරීන් සිව් දෙනා ජුනි 15 වැනිදා ප්‍රකාශ සටහන් කරගැනීමට කිලිනොච්චි පොලීසියට කැදවා තිබු අතර පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගෙන්ද කිලිනොච්චි පොලීසිය ජුනි 15වැනිදා පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

ජුනි 7 වැනිදා උදෑසන කොළඹදී ජයපුරම් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්  කිලිනොච්චි මහේස්ත්‍රාත් විසින් එදිනම ඇප පිට නිදහස් කර තිබුනි.

දෙවැනිදා මරුදන්කර්නියේ දී පොලිස් භට පිරිසක් සහ මන්ත්‍රීවරයා අතර ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ජුනි 8 දා වන විටත් ටිරාන් අලස් අමාත්‍යවරයාට ලැබී නොතිබුණු විමර්ශන වාර්තාව තවමත් ලැබුණු වගක් දැන ගැනීමට නැත. 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්