leader s

ජනාධිපති වික්‍රමසිංහ අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් තිබේ.


ගුවන්තොටුපොළ ආරංචිමාර්ග පවසන්නේ, එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද අලුයම 03.30ට පමණ ජනාධිපති වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවය.

බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස්නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා සමග සාගල රත්නායක ඇතුළු දුත පිරිසක් පිටත්ව ගොස් ඇත.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් සිදුකළ ආරාධනයකට අනුව ජනාධිපති වික්‍රමසිංහ ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වේ.

ජූනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝග වලට විසඳුම් සෙවීම යන්නය.

ගෝලීය ප්‍රජාව පීඩාවට පත්කර ඇති විවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳ මෙම සමුළුවේදී අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන් වේ.

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර දී මෙරට ණය හිමි රටවල පැරිස් සමාජයේ සාමාජිකයින් ද හමුවීමට ද සැලසුම් කර තිබේ.

මෙරට ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් සමාජය සහය ලබා ගැනීම පිළිබඳ මෙම හමුවේදී අවධානය යොමුවනු ඇති බව වාර්තා වේ.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්