මේ වසරේ ඡන්ද හිමියන් ගණන් ගැනීම සඳහා ග්‍රාම නිලධාරි ඔබගේ නිවෙසට පැමිණ නැත් නම් නොපමාව එම නිලධාරියා අමතා ඔබේ නම ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කරගැනීමට කටයුතු කරන මෙන් මැතිවරණ

කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වසරේ පෙබරවාරි 1 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ නොහොත් 2005 ජනවාරි 31 හෝ එදිනට පෙර උපන් අයට මෙවර ඡන්දහිමි නාමලේඛනයට සිය නම ඇතුළත් කරගැනීමට සුදුසුකම් ලබනු ඇත.

ඡන්දහිමියන් ගණන් ගැනීමේ ආකෘති පත්‍රයක් (බී.සී. ආකෘති පත්‍රයක්) සෑම ගෘහයකටම ලබා නොදෙන අතර, දැනට වලංගු නාම ලේඛනයෙහි එක් එක් ගෘහය යටතේ නම් ඇතුළත් ඡන්ද හිමියන්ගේ ලැයිස්තුවක් ග්‍රාම නිලධාරි ඔබගේ නිවෙසට රැගෙන එනු ලබයි.

 එහි නිරවද්‍යතාව තහවුරු කර ගෘහමූලික හෝ වැඩිහිටියකු එම ලැයිස්තුවෙහි අත්සන් තැබිය යුතුය. එම ලැයිස්තුවෙහි නම සඳහන් අයට තවදුරටත් එම ලිපිනයේම සාමන්‍ය පදිංචිව සිටින්නේ නම් වෙනත් කිසිදු ආකෘති පත්‍රයක් සම්පූර්ණ කළ යුතු නොවේ.


 අවුරුදු 18 සම්පූර්ණ වීම මත, පදිංචිය වෙනස්වීම මත ප්‍රධාන නාමලේඛනයට ඇතුළත් වීම සඳහා ග්‍රාම නිලධාරි වෙතින් ඊ.ආර්. අකෘතියක් ලබාගෙන සම්පූර්ණ කළ යුතු වේ. ලබන වසරේ පෙබරවාරි 1 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කරන 2006 ජනවාරි 31 හෝ එදිනට පෙර උපන් යොවුන් පුරවැසියෝ 2023 (01), 2023 (02) සහ 2023(03) යන මාස 4කට වරක් සකස් කරනු ලබන පරිපූරක ඡන්දහිමි නාමලේඛනවලට ඇතුළත් වීමට සුදුසුකම් ලබති. 

 
 2025 පරිපූරක නාමලේඛන සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබන අයට - එනම්: 2007 ජනවාරි 31 හෝ ඊට පෙර උපන් යොවුන් පුරවැසියන්ගේ තොරතුරුද ලබාගැනීමට කටයුතු කරනු ඇත. යොවුන් පුරවැසියන් පරිපූරක ඡන්දහිමි නාමලේඛනවලට ඇතුළත් වීම සඳහා ග්‍රාම නිලධාරි වෙතින් වයි.සී. ආකෘති පත්‍රයක් ලබාගෙන සම්පූර්ණ කළ යුතු වේ.
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්