කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශ රැකියා ඩිජිටල්කරණය දවසින් දවස කල්දමමින් සිටින බවට 'විදෙස් බලය සංවිධානය' චෝදනා කරයි.


''ඇමති මනුෂ ඉන්නේ ජාවාරම් කාරනගේ සක්කුවේ ද ඉන්නේ නැත්නම් මේක කරන්න තේරෙන්නේ නැද්ද '' යයි 'විදෙස් බලය සංවිධානය' කැඳවුම්කරු
මාධ්‍යවේදී ජනක බලල්ල ප්‍රශ්න කරයි.

ඔහු එම චෝදනාව කරනු ලැබුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

'' විරැකියාව රජවෙලා තියෙන වෙලාවක තරුණ ජනතාව පිටරට රැකියා සදහා යාමට පටන් අරන් තියෙනවා 

දීර්ඝ කාලයක් තිස්සේ ගෘහ සේවිකාවන් සදහා යන තරුණ තරුණියන්ට කරදර වෙනවා අපි හොයලා බැලුවා මෙය ගොඩක් නොපුහුණු පිරිස් තමා මේ සදහා වැඩි හරියක් යන්නේ... 

ඔවුන් භාෂාව දන්නේ නෑ, රටේ තත්ත්වය දන්නේ නෑ, ඒ නිසා මේ දේවල් වලට මුහුණ පානවා අමාත්‍ය වරයා කියනවා මේවට පනත් සකස් කලා කියලා 

නමුත් මේ හොර පාරවල් වලට යොමු කරන්නේ රාජ්‍ය නිලධාරීන් විසින් මුදල් අරන් පුහුණු සහතිකය නොමැතිව යන්නේ අමාත්‍යවරයා හරියට වැඩ කටයුතු කරනවා නමුත් අත පෙවීම් සහිත සිස්ටම් එක්ක තියෙනවා මේ දින 28 පුහුණුව නැතිව මේක ඩිජිටල් කලොත් කොහොමද කියලා අපි අහනවා 

මේක කරන්න පුලුවන් ඩිජිටල් පද්ධතිය හරහා එවිට මේ හොර වැඩ නවත්වන්න පුලුවන් අමාත්‍යවරයා කියනවා මේක කරන්න අපි කටයුතු කරගෙන යනවා කියලා මේක ජාවාරමක්. අමාත්‍යවරයා මේ ජාවාරම් කාරයන්ට බයේ මේක පස්සට දානවා'' යයි විදෙස් බලය සංවිධානය' කැඳවුම්කරුඑම මාධ්‍ය හමුවේදී පැවසිය.

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්