පොහොට්ටුව නියෝජනය කරමින් මැතිසබයට තේරීපත් වී දැනට කැබිනට්ටුවේ සිටින ඇතැම්

අමාත්‍යවරුන් පොහොට්ටුව නියෝජනය කරන සංස්ථා හා මණ්ඩල සභාපතිවරුන් ප්‍රමුඛ ආයතන ප්‍රධානීන්ටත් තම වෘත්තිය සමිති නායකයන්ටත් අගතිදායක ලෙස ක්‍රියා කරන බව පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

පසුගියදා ආණ්ඩුවේ පක්ෂ නායකයන් ජනාධිපතිවරයා සමඟ පවත්වන ලද විශේෂ හමුවේදී ඔහු එම කාරණය දැනුම්දී ඇත.

පොහොට්ටුවේ නාමයෝජනා අනුව ඇතැම් ආයතනවලට පත්කරන ලද ආයතන ප්‍රධානීන් ඉවත් කිරීමට සමහර ඇමැතිවරුන් ක්‍රියා කර ඇතැයි පවසා ඇති සාගර කාරියවසම්, තම වෘත්තිය සමිති නායකයන්ට තාඩන පීඩන කරන පොහොට්ටුවේම අමාත්‍යවරුන් සිටින බවද සඳහන් කර තිබේ.

මේ සම්බන්ධව මැදිහත්ව ක්‍රියා කරන ලෙස පොහොට්ටුව මහලේකම්වරයා ඉල්ලා සිටි අවස්ථාවේ දී තමන් ඊට වහාම මැදිහත්ව ක්‍රියා කරන බවත් එබඳු ගැටලු නිරාකරණය කරන වගත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්