leader s

ඉටුකර ඇති කැපවීම් 29යි

ඉටුකර නොමැති කැපවීම් 3යි
වෙරිටේ රිසර්ච් කියයි
2023 ජූනි මස 18 වැනිදා, කොළඹදී


වෙරිටේ රිසර්ච් 'IMF මීටරය' අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙහි ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100න් 29ක් මැයි මාසය අවසානය වන විට ඉටුකර ඇති ශ්‍රී ලංකාව, කැපවීම් 3ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇත.

S01

 

ඉටුකිරීමට අපොහොසත්ව ඇති කැපවීම් දෙකක් ආදායම හා සම්බන්ධිතය. පළමුවැන්න නම්, 2023 මාර්තු වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 2.1% දක්වා හෝ රුපියල් බිලියන 650ක් දක්වා ඉහළ දැමීමයි. නමුත් 2023 පළමු කාර්තුවේදී රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 578  ක් පමණි.

දෙවැන්න නම් මැයි 30 වන දින ප්‍රකාශයට පත් කරන ලද බදු යෝජනාව මත පදනම්ව ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්දට අදාළ බදු අනුපාත ඉහළ නැංවීමයි. සූදු ක්‍රීඩාව සඳහා වාර්ෂික බද්ද රුපියල් මිලියන 500 දක්වා ඉහළ නැංවීම, නියෝජිතයින් හරහා ඔට්ටු ඇල්ලීම සඳහා වාර්ෂික බද්ද රුපියල් මිලියන 5ක්, සජීවී රූපවාහිනී විකාශනය භාවිතා කරන අවස්ථාවක වාර්ෂික බද්ද රුපියල් මිලියනයක්, සජීවී රූපවාහිනී විකාශනයකින් තොරව ඔට්ටු ඇල්ලීම සඳහා වාර්ෂික බද්ද රු. 75,000 ක්, සහ දළ එකතුව (gross collection) මත බද්ද 15% ක් ලෙස  නියම කිරීමට යෝජනා කර තිබේ. අදාළ පනත් කෙටුම්පත 2023 අප්‍රේල් මස 4 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණ ද, ඒ හා යමින් පනත සඳහා සංශෝධනයක් මෙතෙක් ඉදිරිපත් කර නැත.

S02

ඉටු නොකළ තුන්වන කැපවීම වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කොට සකස් කරන ලද නව මහ බැංකු පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමයි. මාර්තු 7 වැනිදා මීට අදාළ පනත් කෙටුම්පතක් ප්‍රකාශයට පත් කළද, ඒ අනුව යමින් මහ බැංකු පනත මෙතෙක් සංශෝධනය කර නොමැත.

මැයි මස අවසානය වන විට, මාර්ගගත ක්‍රමයට මූල්‍ය විනිවිදභාවය ප්‍රකාශිත වන අයුරින් වේදිකාවක් පිහිටුවිය යුතුය යන කැපවීම අර්ධ වශයෙන් ඉටු වී ඇත.

මෙම වේදිකාවේ අපේක්ෂිත අරමුණ වන්නේ,

 
 (i) සැලකිය යුතු රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු,

(ii) ආයෝජන මණ්ඩලය විසින් ලබා දී ඇති බදු නිදහස් කිරීම්වලින් ප්‍රතිලාභ ලබන සමාගම්වල නම් ලැයිස්තුවක් සහ

(iii) සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම්වලට යටත්වන පුද්ගලයන් සහ සමාගම් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම වන අතර මෙම තොරතුරු අර්ධ වාර්ෂික පදනමින් නිකුත් කළ යුතුය.

මැයි මස අවසානය වන විට හඳුනාගත් කැපවීම් 6ක ප්‍රගතියේ තත්ත්වය නොදනී යනුවෙන් වර්ගීකරණය කර ඇත. එම කැපවීම්වල ප්‍රගතිය තක්සේරු කිරීමට අවශ්‍ය තොරතුරු නොතිබිණ යන්න එහි අදහසයි. මාර්තු සහ අප්‍රේල් මාසවලට සාපේක්ෂව යම් දියුණුවක් දක්නට ලැබුණද, තවදුරටත් තොරතුරු නොමැති තත්ත්වයක් පැවතීම කණගාටුදායකය.

වෙරිටේ රිසර්ච් ආයතනයට අනුව, IMF වැඩසටහනේ කාලීන ප්‍රගතියෙන් රටට ලැබෙන වාසි දෙකකි. පළමුවැන්න නම්, කැපවීම් ඉටුකිරීම හරහා (සියල්ලගෙන්ම නොවුනද) රටට ලැබෙන ප්‍රතිලාභයන්ය. දෙවැන්න නම්, කැපවීම් ඉටුකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පෙන්වා දීමෙන්, රටේ පාලනය කෙරෙහි විශ්වාසය වැඩිදියුණු කිරීම හරහා අතීත ණය බර ප්‍රතිව්‍යුහගත කිරීම සහ අනාගත ආර්ථික ප්‍රකෘතිය කරා යන ගමන කඩිනම් කිරීම සඳහා වන සාකච්ඡාවලට උපකාරයක් වීමය.
 

IMF මීටරය යනු 2023 ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යැවූ අභිප්‍රාය ලිපිය ප්‍රකාරව, එම අරමුදලේ අනුමැතිය හිමිවූ ණය වැඩසටහනේ, හඳුනාගත් කැපවීම් 100ක ප්‍රගතිය මනින ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වේදිකාවයි.

ශ්‍රී ලංකා රජයට, ජනතාවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, වැඩසටහනේ අන්තර්ගත කැපවීම්වල ප්‍රගතිය මනා ලෙස අවබෝධ කර ගැනීමට සහ නිරීක්ෂණය කිරීම සඳහා සහය ලබාදීමක් වශයෙන් මෙම වේදිකාව නිර්මාණය කර ඇත.


වැඩි විස්තර දැනගැනීමට manthri.lk/en/imf_tracker  වෙත පිවිසෙන්න.
S03
 
S04
S05

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්