leader s

අපරාධකරුවෙකු ලෙස ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබාසිටින චීන ජාතිකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


අඹතලේ ජල ව්‍යාපෘතියේ නිරත විදෙස් සමාගමක ප්‍රධානියකු ලෙස සේවය කරන මොහුව පසුගිය මැයි 25 දා අත්අඩංගුවට ගෙන ඇත්තේ විසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවට ලැබුන තොරතුරක් මතය.

මෙම චීන ජාතිකයා වසර කිහිපයක් තිස්සේ මෙරට සේවය කරන අයෙකු ලෙස හඳුනාගෙන ඇත.

මොහු ඇමරිකානු ඩොලර් මිලියන 58කට වැඩි වංචාවක් සිදුකර චීනයෙන් පැනගොස් සිටින අයකු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් අනාවරණය කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් චීන ජාතිකයා යළි චීනයට පිටුවහල් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කරමින් සිටින අතර ඔහුව රැගෙනයාම සඳහා චීනයේ ආරක්ෂක කණ්ඩායමක් ඉදිරිදින කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිතය.

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් චීන ජාතික ව්‍යාපාරිකයකු යළිත් චීනයට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකා රජය පසුගියදා කටයුතු කළේය.  


සබැඳි පුවත් :
චීනා කුදලාගෙන ගිය පොලිස් නිලධාරීන්ට චීන රජයෙන් ඉහලම පිළිගැනීමක්

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්