ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි අවස්ථාවේදී අල්ලාගත් චීන ජාතිකයා යළිත් චීනයට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකා රජය පසුගියදා කටයුතු කර තිබු අතර ඔහුව යලි ආරක්ෂාකාරීව එරටට රැගෙන ගිය ශ්‍රී ලංකා

රජයේ නිලධාරීන්ට චීන රජයේ ඉහලම පිළිගැනීමක් ලැබී ඇත.

මෙම සැකකරු රැගෙන ගිය ශ්‍රී ලාංකීය නිලධාරීන් වෙත එරට ආරක්ෂක අමාත්‍යවරයා විසින් අද දිනයේ විශේෂ භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනා කර ඇතැයි වාර්තාවේ.

තම රටට අතිශයින්ම වැදගත්වූ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන චීනය වෙත බාරදීම සම්බන්ධයෙන් චීන රජය, ශ්‍රී ලංකා රජය වෙතත් විශේෂයෙන් ජනාධිපති වික්‍රමසිංහ හා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත විශේෂ ස්තුතියක් පළකර තිබේ.

ගිනි රාජ්‍යයේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මේ රටට ඇතුළුවීමට තැත් කර ආගමන විගමන දෙපාර්තමේන්තුවට හසුවී දින කිහිපයක් මෙරට අත්අඩංගුවේ පසුවූ මෙම චීන ජාතිකයා පෙරේදා (08) ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල්884 දරණ ගුවන් යානයෙන් රැගෙන යනු ලැබුවේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ගේ ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පොලිස් පරීක්ෂකවරයකුගේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ දැඩි ආරක්ෂාව යටතේ ය. ඊට අමතරව කොළඹ චීන තානාපති කාර්යාලයේ චීන ජාතික ආරක්ෂක නිලධාරියකුද මෙම පිරිසට එක්ව සිටියේය.

ගුවන් යානයට පිවිසීමට ඇති අවසන් දොරටුව වෙත මෙම සැකකාර චීන ජාතිකයා රැගෙන ආ අවස්ථාවේ ඔහු යළි චීනයට යෑමට නොහැකි බව කියමින් කලහකාරී ලෙස හැසිරී ඇති අතර එහිදී ඔහුව පිටුවහල් කරනුයේ චීනයට නොව ඩුබායිවලට බව පවසමින් ඔහුව මෙල්ලකර ගැනීමට කටයුතු කර තිබිණ.

කෙසේවුවද මෙම චීන ජාතිකයා ගුවන්යානය තුලදී යළි කලහකාරී ලෙස හැසිරී ඇති අතර ඔහුගේ ආරක්ෂාවට ගිය ආරක්ෂක නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා තත්වය සමනය කර තිබේ.


චීනා, අපරාධ වරෙන්තු කරුවෙක්!


චීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මෙම සැකකරු චීනයෙන් පලාගොස් ඩුබාහි හි ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යමින් එහි පදිංචිව සිටි අයෙකි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ආගමන විගමන පාලක වෙත මැයි 27 දා නිකුත්කර ඇති ලිපියකින් හෙළිදරවු වූයේ මෙම චීන ජාතිකයා චීන රජය තුළ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ලැබ චීන රජයෙන් වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකු බවය.

000011 letter0000112

00001130000114


මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ගෙනා පුද්ගලයින් ගැන CID  විමර්ශන


මේ අතර මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙරට ගෙන ඒමට කටයුතුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙන්ම, ඔහු නිදහස් කිරීම සඳහා කප්පම්ගෙන ඇතැයි පැවසෙන රාජ්‍ය අමාත්‍යවරයකුගේ ගෝලබාලයින් පිළිබඳවත්, රජයේ නිලධාරීන් පිළිබඳවත් වහාම විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගකර ඇත.
   

සබැඳි පුවත් :

ව්‍යාජ විදේශ ගමන් බලපතකින් ආ චීනා, චීනයටම පිටුවහල් කරයි

 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්