leader s

'ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර ළඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන් භාරයට ගනු ලැබූ

චීන ජාතිකයා චීනය වෙත නැවත පිටුවහල් කරනු ලැබූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඉකුත් (19) දින කටුනායක ගුවන් තොටින් මෙරටට ඇතුළු සිටි චීන ජාතිකයා අද (08) පස්වරුවේ ආගමන විගමන නිලධාරීන්ගේ දැඩි රැකවල් මැද කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් පිටුවහල් කර ඇත.

මෙම  චීන ජාතිකයා වහාම රටින් පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආගමන විගමන පාලකවරයා වෙත කර තිබු දැනුම් දීමකට අනුව මෙම පිටුවහල් කිරීම සිදුකළ බව එම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරියකුද පොලිස් විශේෂ බලකායේ නිලධාරීන් දෙදෙනෙකුද මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකුට එම චීන ජාතිකයා සමග ගුවන්ගතව ඇතැයි පැවසේ.

මෙම චීන ජාතිකයා ඉකුත් (19) දින  ගිනි රාජ්‍ය  විදෙස් ගමන් බලපත්‍රයක් සමග මෙරටට පැමිණි අවස්ථාවේ, ආගමන විගමන නිලධාරීන් විසින් මෙම චීන ජාතිකයා එදිනම පිටුවහල් කිරීමට උත්සහ කළ විටදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ ලිඛිත ඉල්ලීමකට අනුව ඔහුට රට තුළට ඇතුලු වීමට අවසර ලැබී තිබුණි.

 
සබැඳි පුවත් :

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්