leader s

මුතු රාජා ඇතා තායිලන්තයට භාර දීමට ක්‍රියා කළේ ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත ලබා දෙන බවට වූ ගිවිසුම මත බව

අලුත්ගම, කන්දේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නා හිමියෝ BBC සිංහල සේවයට පැවසූහ.

''මට මේ ඇතාගේ භාරකාරත්වය ලැබුණේ මීට අවුරුදු හතරකට විතර කලින්. ඇතාගේ කකුලේ සිද්ධිය අවුරුදු 12කට විතර පෙර සිද්ධියක්. මම උපරිමයෙන් උත්සාහ කළා ඊට ප්‍රතිකාර කරන්න. අතීතයේ වෙච්ච දේකට මට වග කියන්න බැහැනේ'' යනුවෙන් උන්වහන්සේ වැඩිදුරත් පැවසූහ.

මුතු රාජා ලබන ජූලි දෙවැනිදා විශේෂ ගුවන්යානයකින් නැවත තායිලන්තය බලා රැගෙන යන බව දෙහිවල සත්වෝද්‍යානය පවසයි. ඇතා නැවත රැගෙන යෑමේ ක්‍රියාවලියට තායිලන්තය රුපියල් කෝටි 20කට අධික මුදලක් වැය කරන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මාස හයක පමණ කාලයක් දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ගොස් සිදු කළ ප්‍රතිකාරවලින් අනතුරුව ඇතාගේ පසුපස පාද වලට ඉහළින් තිබූ තුවාල දෙක 90%ක් පමණ සුව කිරීමට හැකි වූ බව පශු වෛද්‍ය නිලධාරිනි මධූෂා පෙරේරා සඳහන් කළාය.

තායිලන්තයට රැගෙන යාමෙන් අනතුරුව ඇතාගේ ඉදිරි පාදයට ජල චිකිස්තක ප්‍රතිකාර ලබා දීමට සැලසුම් කර තිබේ.




(BBC සිංහල සේවය )



JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්