leader s

සියවස් දෙකක කාලයක් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළද මේ තාක් ඉඩමක් හිමි නොවු කඳුකර දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය ඉල්ලා හැටන් නගරයේදී විරෝධතා පා ගමනක් දියත් කර තිබේ.


කදුකර ජනතා ඉඩම් අයිතිය සදහා ව්‍යාපාරයේ ප්‍රධානත්වයෙන්, කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන 20කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ජුනි 21 වැනිදා එම පා ගමන දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 ජුනි 21 වැනිදා ඉඩම් දිනය ලෙස නම් කිරීමට කඳුකර වැසියන් පසුගිය වසරේ ක්‍රියා කර තිබුනේ ඔවුන්ගේ ඉඩම් හා නිවාස අයිතිය දිනා ගැනීම වෙනුවෙනි.


හැටන් වල්ලිඅප්පුව මංසන්දියේදී ආරම්භ කළ පා ගමනින් හැටන් නගරය දක්වා පැමිනි කදුකර ජනතා ඉඩම් අයිතිය සදහා ව්‍යාපාරය එහිදී අවධාරණය කර තිබුනේ ඇතැම් වතු කම්කරුවන් වෙනුවෙන් පර්චස් හතක් ලබා දිමට ආණ්ඩුව කටයුතු කර තිබුනත් එය ප්‍රමාණවත් නොවන බවයි.

"තවම ඉඩම් අයිතියක් නෑ. ගෙවල් අයිතියක් නෑ. අනිත් එක රජය දෙන පහසුකම් ලැබිලා නෑ. ඒක හින්දා අපි අද දිනයේ අපි විශේෂයෙන් කදුකර ජනයාගේ ඉඩම්, ගෙවල් අයිතිය තහවුරු කරන්න කියලා අපි ඉඩම් දිනය කියලා ගිය අවුරුද්දේ පටන් ගත්තා.මේක දෙවැනි අවුරුද්ද." කදුකර ජනතා ඉඩම් අයිතිය සදහා ව්‍යාපාරයේ සාමාජිකයකු මාධ්‍ය වෙත පවසා තිබුනි.

ඉඩමක් නොමැති අය වෙනුවෙන් අඩුම වශයෙන් පර්චස් විස්සක් ලබා දීමේ රජයේ ප්‍රතිපත්තියක් පැවැතිය ද කඳුකර ජනතාවට පමණක් පර්චස් හතක් පමණක් ලබා දෙන්නේ ඇයිදැයි ඔවුන් එහිදී විමසා තිබුනි.

 කඳුකර දෙමළ ජනයා පෙන්වා දෙන්නේ වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200 ක් සම්පුර්ණ වූවත් ඔවුන් තවමත් ජීවත් වන්නේ වසර 150 ට ඉහතදී සුදු ජාතිකයන් විසින් සකස් කළ ලයින් කාමරයක බවයි.

ගෙවල් ලක්ෂ එකහමාරක්


මේ වන විට වතුකරයේ ජනතාව වාසය කරන අඩු පහසුකම් සහිත නිවාස වර්ගීකරණය කරමින් සංඛ්‍යාලේඛනද ඉදිරිපත් කළ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක වේලුසාමි රාධක්‍රිෂ්ණන් 2022 නොවැම්බර් 30 වැනිදා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ වතුකරයේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය වී තිබෙන නිවාස ප්‍රමාණය එක්ෂලක්ෂ පනස් දාහකට ආසන්න බවයි.

ශ්‍රී ලංකාවේ තමන්ටම කියා ඉඩමක් හා නිවසක් අහිමි ජනතාව අතර ඉදිරියෙන්ම සිටින්නේ දෛනික වැටුප ලෙස රුපියල්  1000 ක් දිනා ගැනීමේ සටනේ තවමත් නිරත වතුකරයේ කම්කරුවන්ය.

 වී. රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයාට අනුව වතු කම්කරු ජනතාව වෙනුවෙන් අවශ්‍ය වී තිබෙන වැසිකිලි ප්‍රමාණය 36158 කි.

ජුනි 21 වැනිදා පැවැති විරෝධතා පා ගමනට සමගාමීව හැටන් නගරයේ ක්‍රිෂ්ණ භවන් ශාලාවේ පැවැති මාධ්‍ය හමුව අමතමින් කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරය වෙනුවෙන් එහි සාමාජික ලලිත් අබේසිංහ පවසා තිබුනේ, පරම්පරා අටක් තිස්සේ කදුකර දෙමළ ජනයා ශ්‍රී ලංකාවේ ජීවත් වුවද ඔවුන්ගේ අවශ්‍ය තා දිනා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් සමස්ත ජනතාව සමාව ගත යුතු බවයි.

''අනාගතය සම්බන්ධයෙන් වන බලාපොරොත්තු ඉටු කරගැනීමට අත්‍යවශ්‍ය වන ඉඩම් සහ නිවාස අයිතිය අහිමි කර ඇති මෙම ජනතාව, පරම්පරා අටක් තිස්සේ අපේ රටේ ජීවත් වෙනවා. ඒ සම්බන්ධයෙන් සමස්ත ජනතාව ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි ''
 
Landes 2023
 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්