leader s

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගත් එකඟතාව අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ

මූල්‍ය රෙගුලාසි කඩිනමින් අනුමත කර ගැනීම සඳහා ලබන සතියේ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට යන බව වාර්තා වේ.

මෙම පාර්ලිමේන්තු රැස්වීම ඉදිරි සතියේ සෙනසුරාදා සහ ඉරිදා දෙදිනක සැසියක් ලෙස පැවැත්වෙනු ඇතැයි මැතිසබා ආරංචි මාර්ග කියයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ දේශීය වශයෙන් විකුණා ඇති ඩොලර් බිලියන 36 පමණ වටිනා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ණයවලින් කොටසක් ප්‍රතිව්‍යුහගත කරනු ඇති බව දැනගන්නට ඇත.

ඇතැම් රාජ්‍ය බැංකු සහ විශේෂිත අරමුදල් විසින් මිලට ගත් බැඳුම්කර හා බිල්පත්වල පොලිය අඩු කිරීම හෝ ණය කාලය දීර්ඝ කිරීමටද ඉඩ ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි. ඒ සඳහා වන රෙගුලාසි මැතිසබයෙන් අනුමත කර ගැනීම සඳහා හදිසි මැතිසබා රැස්වීම කැඳවා තිබේ.

ඊට අමතරව මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත සම්මත කර ගැනීමටද රජය අපේක්ෂා කරයි. මේ අණ පනත් සහ රෙගුලාසි ජූලි මාසයට පෙර සම්මත කරගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.

(deshaya.lk)

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්