leader s

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත්

ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (25) කොළඹදී අවධාරණය කළේය.  

දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළ යුතුයැයි විපක්ෂයේ මතය වුවත් එය සිදුකළ යුතුම තත්ත්වයක් තිබෙන්නේ නම් එය රටට උපරිම සහනයක් ලැබෙන සේ කළ යුතු බවත් එවැනි අවස්ථාවක සහයෝගය ලබාදීමට ගැටලුවක් ඇති නොවන බවත් මෙහිදී හෙතෙම සඳහන් කළේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිවැරදිව සිදුකළහොත් එයින් දැනට භාණ්ඩාගාර බිල්පත්වල තිබෙන අවධානම් පොලී ප්‍රතිශතය අඩුවී එය පොලී අනුපාත අඩුවීමටද හේතුවක් වනු ඇති බවයි. එවිට, දැනට සංකෝචනය වී ඇති ආර්ථික කටයුතු පුළුල් වීමට අවස්ථාවක් ලැබෙන බවත් මේ මොහොතේ එය අත්‍යවශ්‍ය දෙයක් බවත් ඔහු පැවසීය.

මෙවැනි ආර්ථික කටයුතු පුළුල් වීමක් ව්‍යාපාරිකයින් ඇතුළු මෙරට සියළුම පුරවැසියන්ට අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඉදිරියේදී මුදල් කමිටුව හමුවට පැමිණෙනු ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා විශ්වාසය පළ කළේය.

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්