රජය දුප්පත් ජනතාවගේ සමෘද්ධිය කපාදමා අස්වැසුම නමින් ඇස් වැසුමක් ගෙනත් තියෙන බවත් ඒ තුළ විශාල අසාධාරණකම් රැසක් සිදුව ඇති බවත් සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය ජාතික

සංවිධායක එස් එම් මරික්කාර් පවසයි.

ඔහු එබව කියා සිටියේ, විපක්ෂ නායක කාර්යාලයේ අද (26) පැවති මාධ්‍ය හමුවේ දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.



''මෙහෙම ගියොත් තවත් කැරැල්ලක් එන එක නවත්තන්න බෑ''



බදු මිල බඩුමිල වතුර බිල විදුලි බිලෙන් ජනතාව පීඩාවට පත් වෙලා ඉන්න රටක  දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම නන්නත්තාර කරලා තියෙන රටක දැන් රජය "අස්වැසුම " කියලා "ඇස් වැසුමක්" ගෙනහල්ලා තියෙනවා .

 දැන් මේකෙන් විශේෂ අවශ්‍යතා තියන අයට ලබා දෙන අරමුදල් වකුගඩු රෝගයට ලබා දෙන අරමුදල් වෙනත් වෙනත් රෝගාබාධ සඳහා ලබාදෙන අරමුදල් , සියල්ල ම කපා හැරලා තියෙනවා.

අස්වැසුම ගේනවා කියලා සමෘද්ධියට වැඩේ දීලා තියෙනවා. සමෘද්ධිය නොලැබිය යුතු අයට ලැබෙනවා නම් ඒක අයින් කරන එක වෙන කතාවක්. හැබැයි සමෘද්ධිය ලැබිය යුතු අයට ඔවුන්ව එතනින් කපා හැරලා අස්වැසුම වැඩසටහනට දාලා තියෙනවා සල්ලි තියෙන අයත්.



 සමෘද්ධිය දීර්ඝකාලීන වැඩක්. අස් වැසුම ජනාධිපතිතුමා මාසයක් දෙකක් තුනක් ජනාධිපතිවරණයක් දක්වා අදින කෙටිකාලීන වැඩක්. එතකොට මෙතන දේශපාලන ව්‍යාපෘතියක් නෙමෙයිද වෙන්නේ. ඇයි ග්‍රාම නිලධාරී මහත්වරුන් මේකෙන් අයින් උනේ. එතකොට කොහොමද විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් විතරක් දාලා මේක කරේ කොහොමද කියලා අපි ප්‍රශ්න කරන්න කැමතියි.


මෙච්චර පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට සමහර අය ඉන්නව තමන්ගේ ස්වාමි පුරුෂයා නැහැ, දරුවෝ නඩත්තු කරන්නේ මේ ලැබුණු සමෘද්ධි අරමුදලෙන්. එතකොට ඒ අයගේ සමෘද්ධිය කපලා අස්වැසුම වැඩසටහනට එක්කාසු කර ගත්තේ නැතුවම, ඒ අයව මහපාරට දාන්න කියලද කියන්නේ. ඒ වස නම වෑන් තියන තට්ටු දෙකේ ගෙවල් තියෙන අයව කොහොමද අස්වැසුම වැඩසටහනට ගත්තේ.

ඔබ තුමන්ලා පොහොර තහනම් කරලා ජනතාව පාරට බස්ස ගත්තා වගේ තමයි අපි මේ සමාජයේ පල්ලෙහා ම ඉන්න රාජ්‍ය ආධාර ලැබිය යුතු එහෙත් ඔවුන් මෙම බලෙන් කපා දැමූ අය වෙනුවෙන් පෙනී හිටින්න ඔවුන්ව පෙල ගස්සන්න ඔවුන්ව පාරට බස්සන්න ඒක රැල්ලක් බවට පත් කරන්න අපි ලෑස්ති. ඒක රැල්ලක් බවට පත් කරනවා අපි අද ඉදන්.



 අපි දන්නවා ජනාධිපතිතුමාට මේ සමෘද්ධිලාභීන් සම්බන්ධව වෛරයක් තියෙනවා. ඒක අපි දන්නවා. හැබැයි මේ සමෘද්ධිලාභීන් අතරේ බැසිල් රාජපක්ෂ විසින් ඔබ්බවපු නොලැබිය යුතු පොහොට්ටුවේ කාඩර් එකකුත් ඉන්නවා කියලා අපි දන්නවා. අපි කිසිසේත් ම ඒ අය වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ .මෙය කියන ආර්ථික වාතාවරනය තුල බින්දුවටම වැටිලා ඉන්න ජනතාවට මේක ලබා දෙන්නෙ නැතුව ඇස් වහලා ගහනවා නම් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අයට මේක තේරෙන්නේ නැත්නම් ඒ වගේම නිලධාරීන් මග ඇරලා ඉන්නවනම් අවසානයේ දී ජනතාව පීඩාවට පත්වෙනවා නම් ජනතාවාදී පක්ෂයක් විදියට  අපිට ඒ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්.

 
මම මේ පෙන්නු එක උදාහරණයක් විතරයි කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. මුළු කොළඹ දිස්ත්‍රික්කයේම ගත්තහම දළ වශයෙන් ඉන්නවා මේ විදිහට නොලැබී ගිය අය පන්දාහක් හත්දාහක් අතර ප්‍රමාණයක්. ඉස්සර තමයි අපි හම්බ කලත් අපි යනවා කියලා කිව්වේ දැන් ඒක එහෙම නැහැ. උදේ නැගිටලා බොන වතුර වීදුරුව ඉඳලා බෙහෙත් පෙත්ත දක්වාම දේශපාලනය අදාලයි. ඔබේ දරුවා ටියුෂන් යනවද ඔබ තුන්වේලක් කනවද ගෙදර බල්ටියක් දානවද සතියට කිහිප වරක් නානවද මේ සේරම දේවල් තීරණය කරන්නේ දේශපාලනය විසින්.

මේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු මයි. මේකට ඕන ක්‍රියාශීලි හැකියාවන්ගෙන් නිපුණතාවයන් ගෙන් යුක්ත කණ්ඩායමක් වගේ ම සමාජය දරිද්‍රතාවෙන් ඉහළටම ගියේ ජනතාව පිළිබඳව සංවේදී නායකයෙක් ඉන්න කණ්ඩායමක්. එහෙම කණ්ඩායමක් තියෙන සමග ජනබලවේගයේ විතරයි. පොහොට්ටුව ඉන්න කට්ටියට වික්‍රමසිංහ ජනාධිපති තුමාගේ ගේම් තේරෙන්නේ නැහැ. අස්වැසුම කියලා එකක් ගැන අහලා අස්වැසුමක් දාලා ලබන අවුරුද්දේ ඉඳලා සමෘද්ධියක් නැහැ අස්වැසුමක් . ''

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්