leader s

"මගේ දරුවා එනවා කියලා හිතාගෙන මම මගේ අනිත් ළමයින්ට කියලා එක එක ජාතියේ කෑම අරගෙන තිබ්බා. සෑම දෙයක්ම කල් ඉකුත් වෙලා. මම හිතාගෙන ඉන්නේ අඹ ගහක අඹ ගෙඩියක් හැදුනත් මගේ දරුවා කන්න

එයි කියලා"

ඉන්දීය උසාවියෙන් නිදහස් කර යවා හත් මාසයක් ගතවී තිබියදීත් තවමත් ලංකාවට නොපැමිනීමෙන් දැඩි සිත්තැවුලට පත්ව සිටින දෙමළ මාතාවක් ඔහු සියරට එවන මෙන් ඉන්දීය රාෂ්ට්‍ර පාලකයාට ආයාචනා කරන්නීය.

"අවුරුදු 32ක් මම මගේ පුතාගේ මූණවත්, එයා ගේ මූණවත්, දැකලා නැහැ. අපි පව් කරපු පවුලක්."

ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවකු වී දශක තුනකට වැඩි කලක් හිරබත් කා ගිය වසරේ අධිකරණයෙන් නිදහස ලැබීමෙන් පසු මේ වන විට විශේෂ කදවුරක රදවාගෙන සිටින එම්.ටී ශාන්තන්ගේ මව මහේෂ්වරී තිල්ලෛඅම්බලම් බැගැපත්ව ඉල්ලා සිටින්නේ දෙනෙත වන් සිය දරුවා තමා වෙත එවන ලෙසයි.

"මෝඩි සර් මගේ දරුවා මා ගාවට එවන්න. මගේ දරුවා අවුරුදු 32කින් මාව දැකලා නැහැ. මගේ දකුණු ඇසේ පෙනීම නැති වේගෙන යනවා. මට ඕන මගේ ඇහැ නැතිවෙන්න කලින් මගේ පුතාව බලන්න."



 ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි 1991 වසරේදී  ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන්වූ නලිනි ශ්‍රී හරන්, රවිචන්ද්‍රන්, මුරුගන්, රොබට් පයස්, ජයකුමාර් සහ එම්.ටී ශාන්තන් යන හය දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේ නොවැම්බර් 11 වැනිදා නියෝග කර තිබුනි.

 

 නිදහස නියම වු හය දෙනාගෙන් හතර දෙනකු ශ්‍රී ලාංකිකයන් වන අතර ඔවුන් මාස 6 ට වැඩි කාලයක් තිස්සේ ට්‍රිචි මධ්‍යම බන්ධනාගාර කදවුරක් තුළ රදවා තැබීමට ඉන්දීය රජය කටයුතු කර තිබේ. ඒ ඔවුන් ඉන්දියාවෙන් පිටමන් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු මේතාක් අවසන් වී නොමැති බැවිනි.


1991 මැයි 21 වැනිදා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදුර්හිදී දෙමළ විමුක්ති කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් මැතිවරණ ප්‍රචාරණ රැළියක දී ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය කරන ලදී.

එම ඝාතනයට වරදකරුවන් වී දඩුවමි ලබමින් සිටි 6 දෙනකු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේ නොවැම්බර් 11 වැනි දින නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් ඉන්දීය මධ්‍යම රජය සහ රජීව් ගාන්ධි ඝාතන වු බෝම්බ ප්‍රහාරයෙන් අගතියට පත් පිරිස් විසින් ඉදිරිපත් කළ අභියාචනයක්ද මේ වන විට විභාග වෙමින් පවතී.

 PHOTO 02
PHOTO 04
 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්