leader s

ජනතාවගේ තැන්පතු වලට අත තියන්න කිසිවකුටවත් හැකියාවක් නැතැයි ජනාධිපති උපදේශක එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් පැවසීය.


ඔහු එබව  සිටියේ, පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

මහබැංකු අධිපතිවරයා පැහැදිලිව ඒ ගැන ප්‍රකාශ කර තිබෙන බව කී අකිල කාරියවසම්, කිසිවකුත් ඒ ගැන කලබල විය යුතු නැති බව සඳහන් කළේය.

බැංකු නිවාඩු ලබාදීම සම්බන්ධව අනවශ්‍ය මතවාදයක් රට තුළ ගොඩනැගී තිබෙන බවද අකිල විරාජ් කාරියවසම් කීය.

ජනතාවට සහනයක් දීම සඳහා සකස් කරන ලද අස්වැසුම වැනි වැඩසටහන් දේශපාලන න්‍යාය පත්‍ර වලට ඇතුලත් කර ගන්නේ නැතිව කටයුතු කළ යුතු බව කී කාරියවසම්, සෑම දෙයක්ම ඉතාම සාධාරණව බෙදී යා යුතු බව සඳහන් කළේය.

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්