දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලට ආණ්ඩුව අත තබා ඇති බැවින්

තම පක්ෂය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පැවසිය.

ඒ අනුව, පාර්ලිමේන්තුවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ද ඔහු අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, ඊයේ (29) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

සජබ මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී තම පක්ෂයේ ස්ථාවරය මෙසේ පැහැදිලි කළේය.

1688087159 large

'' මුදල් රාජ්‍ය අමත්‍යවරයා හා මහබැංකු අධිපතිවරයා දේශිය ණය ප්‍රතිව්‍යූහගත කිරිම සිදු නොකරන බව කිව්වත්, මේවන විට දේශිය ණය ප්‍රතිව්‍යූහගත කිරිමට ආණ්ඩුව සියලු කටයුතු සුදානම්කර අවසන්. ඉතිහාසයේ කිසිම විටක ඉරිදා දිනයන්හි පාර්ලිමේන්තුව කැඳවා නැහැ. ආණ්ඩුව මේ ඉරිදා පාර්ලිමේන්තුව කැඳවීමෙන් තුළින්ම ආණ්ඩුවේ උනන්දුව පෙනි යනවා.
 
 
'' මෙය ව්‍යවස්ථා සංශෝධනයක් හෝ පනතක් නෙමෙයි. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ දේශපාලන පක්ෂ අතර අර්බුදයක් නිර්මානය කිරිමට. පිහිටුවාලිමට නියමිත විපක්ෂයේ පුඵල් ම සංවිධානය කඩාකප්පල් කිරිම මෙහි ප්‍රධාන අරමුණ ලෙස පෙන්වාදිය හැකියි. ''
 
 
'' මෙහිදි ප්‍රධාන වශයෙන් පෙනියන්නේ සේවක අර්ථසාධක අරමුදලට ඔවුන් අතතබා ඇති බවයි. සේවක අර්ථසාධක අරමුදල දුක්විදින ජනතාවගේ දිවිය තමා උපයාගත් මුදලේ විශේෂ කොටසක් වන අතර ආර්ථික අර්බුදය හමුවේ බදු ගෙවමින් සුරක්ෂිතකරගත් විශ්‍රාම වැටුප මේවන විට අනතුරේ පවති. මෙම විශ්‍රාම මුදල අතට ලබා නොදි බැංකුවක තැන්පත්කර එහි පොළිමුදල ලැබිමට සැලැස්මකට අප එක හෙලා විරුද්ධත්වය ප්‍රකාශකරනවා. පොළිඅනුපාත අඩු කිරිම හරහා සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභය පිළිබද ගැටලුකාරි තත්වයක් තියනවා.
 
 
අප සඳුදා පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්විමේ දි තීන්දු තිරණ අරගෙන තිබෙන අතර ප්‍රධාන වශයෙන් කොටස් වෙළද පොළට අත තබන නිසා මෙම ක්‍රියාමාර්ගයට අපගේ සහයෝගය ලබා නොදීම කටයුතු කරනවා. පසුගිය කාලයේදී කොටස් වෙළඳ පොළේ සිටින අර්ථසාධක අරමුදලේ කාලය දීක් කොට පොලී අනුපාත අඩුකිරීමට කටයුතු කරමින් පවතිනවා. නමුත් රටේ ධනකුවේරයන් ගේ කොටස් වල පොලී අඩු කිරීමක් හෝ එම කොටස් වල කල් ඉකුත් වීමක් සිදු කොට නැත.
 
 
මෙයින්ද පීඩාවට පත් වන්නේ අහිංසක දුප්පත් ජනතාව යි.  එම නිසා මෙම ක්‍රියාමර්ගයට අපගේ කිසිදු සහයෝගයක් දක්වන්නේ නැත. සංරක්ෂණ අරමුදලට අතනොතියා කටයුතු කිරීමට ඉඩ තිබුණට එසේ නොකොට මෙසේ අර්ථසාධක අරමුදල බිලි දීමට කටයුතු කරනවා. එම නිසා මෙම ජන විරෝධී ක්‍රියාවලියට අපගේ කිසිදු සහයෝගයක් පලනොකිරීමට කටයුතු කරනවා.''



ජනපතිගෙන් සහතිකයක්
 
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ලවන චෝදනා පිළිබඳව අදහස් දක්වමින්, ජුනි 27 වැනිදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයෙදී ජනාධිපතිවරයා කියා සිටියේ වසර පහක කාලයක් තුළ ඩොලර් බිලියන 41.5ක මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමද ඒ අනුව සිදුකළ යුතු බවත් ය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්‍ෂණය යටතේ පවතින රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඇතුළු රටේ බැංකු පද්ධතියේ ස්ථායිතාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.
 
 
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් බැංකු පද්ධතියේ තැන්පතුවලට හෝ දැනට බැංකු තැන්පතු සඳහා ගෙවන කිසිඳු පොලියකට බලපෑමක් ඇති නොවන බව ද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදලක සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් එහිදී කියා සිටියේය.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්