දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට

බලපෑමක් එල්ල නොවන බවත්, අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිඳු ආකාරයකට බලපෑමක් නැති බවත් ජනාධිපති වික්‍රමසිංහ පැවසීය.

එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල නොවන බවද ජනාධිපතිවරයා පවසයි.

රටේ මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිඳු තැන්පතුවකට ද මෙහි බලපෑමක් නැති බවත්, දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු සඳහා වන කිසිඳු පොලියකට බලපෑමක් එල්ල නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට (28) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ජනාධිපති වික්‍රමසිංහ සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් පරිපාලන සංකීර්ණය ‘ලක්සියනෑ මන්දිරය’ අද (27) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

{gallery}Lak siyane House{/gallery}



පාර්ලිමේන්තුව කැඳවා ගැසට් නිවේදනයක් !

දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් හෙට (28) පස්වරු 5ට ජනාධිපති වික්‍රමසිංහ විසින්  කැඳවා තිබේ.

එම සාකච්ඡාවෙන් පසුව විශේෂ කැබිනට් හමුවක් ද පැවැත්වීමට නියමිතය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා සති අන්තයේදී පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ජුලි 01 වන සෙනසුරාදා උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (27) පස්වරුවේ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා දේශපාලන සහ ජනතා සහය හිමිවිය යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

යෝජිත ණය ප්‍රතිව්‍යුහගතරණ සැලැස්ම අවසන් වශයෙන් සකස් වන තුරු වගකීමෙන් කටයුතු කරන ලෙසද වාණිජ මණ්ඩලය සියලුම දේශපාලන සහ සෙසු අදාළ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්