leader s

මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඊයේ (28) සවස අවසන් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව අනුමතව තිබේ.


ජනාධිපති වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති එම රැස්වීමේ දී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර එම යෝජනාවලිය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් දැනුවත් කිරීමක් සිදුව තිබේ.

අනතුරුව ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දැනුම්දී ඇත. එම යෝජනාව සාකච්ඡා කිරීම සඳහා මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

එම යෝජනාවලිය පාර්ලිමේන්තුවේ මුදල් කාරකසභාව වෙත යොමුකර ලබන සෙනසුරාදා පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ලබන සෙනසුරාදා පෙරවරු නවයයි තිහට පාර්ලිමේන්තුව කැඳවන බව දැනුම් දෙමින් කථානායකවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ ස්ථාවර නියෝග 16 යටතේ මේ කැඳවීම සිදුකරන බවයි.

Debt Restructuring in Sri Lanka Presentation

සබැඳි පුවත් :

බැංකු තැන්පතු වලට කිසිම බලපෑමක් සිදු වන්නේ නෑ - ජනාධිපති

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය යනු කුමක් ද?

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්