leader s

දේශීය රාජ්‍ය ණය ප්‍රශස්ථකරණ යෝජනා යම් පාර්ශ්වයක් විවේචනය කරන්නේ නම් ඔවුන් ඒ සඳහා විකල්පයක් ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

දේශීය රාජ්‍ය ණය ප්‍රශස්ථකරණය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු යෝජනාව රටේ ජාතික ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදයට පිළියම් සෙවීමට සැලකියයුතු සහයෝගයක් දක්වන බව ද ඔහු කියා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ එහි කරුණු කිහිපයක් පමණක් තවදුරටත් සංවාදයට භාජනය කළ යුතුව ඇති බවය.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම කාර්යයේදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද මෛත්‍රීපාල සිරිසේන එම නිවේදනයේ සඳහන් කර ඇත.

Maithri L

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්