ශ්‍රී ලංකාවේ වසර 21 ක් ගතකිරීමෙන් පසුව අසනීප තත්වයක් හේතුවෙන් පසුගිය 2 වැනිදා නැවත

තායිලන්තයට රැගෙන ගිය ‘‘මුතු රාජා‘‘ හෙවත් ‘‘සක්සුරින්‘‘ හස්තියාගේ ප්‍රතිකාර සඳහා ‘තායිලන්ත රාජකීය අරමුදලින්’ මුදල් වැයකිරීමට තීරණය කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

‘මුතුරාජා’ හස්තියාගේ ආබාධයකට ලක්ව තිබෙන ඉදිරි වම් පාදය සුව කිරීම සඳහා අලි පුණුරුත්ථාපන රෝහලකට ඇතුළත් කිරීමට නියමිත බැවින් ඒ සඳහා ‘තායිලන්ත රාජකීය අරමුදල’ මුදල් වැය කිරීමට නියමිතය.  

මුතුරාජා හස්තියා තායිලන්තයේ ලම්පාන්ග් ප්‍රාන්තයේ පිහිටි අලි ඇතුන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත මේවනවිට යොමු කර ඇත.

"මුතුරාජා" හස්තියා ස්නානය සඳහා ඊයේ රැගෙන ගිය බවත් ඉන් අනතුරුව පශු වෛද්‍ය කණ්ඩාම් පැමිණ හස්තියාගේ සිරුරේ බාහිර තුවාල පරීක්ෂා කළ බවත් එරට වාර්තාවල සඳහන්ය.

මුතුරාජාගේ වම් ඉදිරි පාදය නැවීමට නොහැකිවීම පිළිබඳත් ඔවුන් අවධානය යොමුකර තිබේ.

තමන් බලාපොරොත්තුවෙන් සිටි පරිදිම හස්තියාට ඉහළම සැලකීමෙන් යුතුව ප්‍රතිකාර කරන බව එරට බලධාරින් පවසයි.

දින 30ක් එරට සත්ත්ව වසංගත පාලන මධ්‍යස්ථානය තුළ රඳවා තැබෙන මුතුරාජා පසුව අලින් සඳහා ප්‍රතිකාර කෙරෙන රෝහල වෙත යොමු කෙරෙන බවත් එරට වාර්තාවල සඳහන්ය.

ශ්‍රී ලංකාව තුළ දැඩි ආන්දෝලනයක් මතු කළ මුතුරාජා සිය මව්රටේ නිදහසේ සිටින අයුරු දැක්වෙන දසුන් විදෙස් මාධ්‍යවල මේවනවිට සංසරණය වෙමින් පවතී.

මේ අතර සුරකිමු ලංකා සංවිධානය පවසන්නේ අලි ඇතුන් පන්සල්වලට සන්නස්පත්‍ර මගින් පරිත්‍යාග කිරීම නතර කළයුතු බවයි.


සබැඳි පුවත් :

පැය පහක ගුවන් ගමනකින් පසු මුතු රාජා තායිලන්තයට

'මුතු රාජා' ගේ ගුවන් ගමන ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?- (වීඩියෝ)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්